ආයනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිශ්කාෂණය කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කර තිබේ.
අදාල විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ සෙනවිරත්නගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.බී ජයසුන්දර, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර පත් කර තිබේ.
පසුගිය දින හතර තුළ පූර්ණ කාර්යමණ්ඩලයක් යොදවා රේගුවේ ගොඩගැසී ඇති බහාලුම් නිශ්කාෂණය කිරීමේ විශේෂ මෙහෙයුම ඊයේ අවසන් වූයේය.







