කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ දී පුද්ගල ඝාතන තැතත් අනූ නවයෙන් බේරි තිබේ.
ඒ සම්බන්ධයෙන් 119 ට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය.
යතුරුපැදියකින් පැමිණි කුලි ඝාතකයින් දෙදෙනෙක් නිවස ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට පන්න පන්නා වෙඩි තැබීමට කළ උත්සාහය ගිනි අවිය පත්තු නොවීම නිසා ව්‍යර්ථ වී තිබේ.
කුලි ඝාතකයින් නිවස තුළටත් ගොස් වෙඩි තැබීමට උත්සාහ කළ ද ගිනි අවිය ක්‍රියාත්මක වී නැති නිසා ගිනි අවියද විසිකර දමා ඝාතකයින් පළා ගොස් තිබේ.
නිවස ආසන්නයේ තිබී අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







