ථෙරවාදී මහා විහාර සම්ප්‍රදාය ප්‍රවර්ධනය කරමින් සුරක්ෂිත කරමින් පවත්වාගෙන යෑම අරමුණු කරගෙන එම සම්ප්‍රදායේ ආරම්භය සිදුවු මහමෙවුනා උයන කේන්ද්‍රකරගෙන බිහිවන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මේ වනවිට ඇති වී ඇති තත්ත්ව තුළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරු නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයෙන් ජනාධිපතිවර අමතමින් උන්වහන්සේලා ඉල්ලා සිටින්නේ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ප්‍රකාරව විශ්වවිද්‍යාල පරිපාලනය ලබා දී ඇති සාධාරණ විසඳුම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති තුමාට සහ අග්‍රාමාත්‍යතුමියට මැදිහත්වන ලෙසය.
එමෙන්ම කුමණ අවස්ථාවක හෝ කුමණ හේතුවක් මත හෝ භික්ෂූත්වයේ සීමා මායිම් අතික්‍රමණය කිරීමේ අවසරයක් භික්ෂූන්වහන්සේලාට නොමැති බව මහා නායක හිමිවරු වර්ජිත භික්ෂූන් වෙත දන්වා සිටිති.
උන්වහන්සේලා දන්වා සිටින්නේ මහජන මුදලින් මෙම විශ්වවිද්‍යාලය නඩත්තු කරන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියට බවත්, එබැවින් භික්ෂූන්වහන්සේ සම්බන්ධව සමස්ථ සමාජයේම අප්‍රසාදය ගොඩනැගෙන චර්යාවන්ගෙන් වියුක්තව මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන අයුරින් හැසිරීම ශිෂ්‍ය භික්ෂූන්වහන්සේගේ වගකීම බවත්ය.
ස්වකීය අධ්‍යාප කටයුතු අඩාල කරගනිමින් සිදුකරන විරෝධතා දැක්වීම නවත්වා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ පරමාර්ථය ආරක්ෂා කරගන්නා ලෙසද උන්වහන්සේලා වර්ජිත භික්ෂූන්ට දන්වා සිටිති.
ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








