මේ ලියන මොහොත වනවිට අපි ගාල්ලේ දී අම්බානක් ගුටි කන ගමන්ය. උස්මාන් කවාජා ශතකය ඉක්මවා ලකුණු 147කි. ස්ටීවන් ස්මිත් ශතකය ඉකමවූයේය. ඔහු ලකුණු 104කි.
අපි රට ඇතුළේදීම නැව් ගුටි කමින් සිටිය දී අපේ 19න් පහළ කෙල්ලන් විස්සසයි 20 ලෝක කුසලාන සුපිරි 06 දෙනාගේ තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 12කින් පරාජය කර තියුණු ජයග්‍රහණයක අරුමය විඳිමිනි.
තරගය තිබුණේ බන්ගි හි YSD-UKM ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ය. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රි ලංකා කෙල්ලන් මුලින්ම පන්දුවට පහරදීම තේරූහ.
ශ්‍රි ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක කදිම සබඳතාවයක් ගොඩනැගිනි. ඒ පන්දු ඕවර 7.3ක් තුළය. කඩුළු රකින ක්‍රීඩිකා සුමුදු නිසංසලලා පන්දු 15ක දී ලකුණු 18ක් රැස් කරගෙන සිටියදී දැවී ගියාය. දෙවැනි කඩල්ල බිඳී යන්නේ ලකුණු 52 දී ය. සංජානා කාවින්දි ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යන්නීය.
නායිකා මනිදු නානායක්කාර ලකුණු 15ක්, හිරුණි හංසිකා ලකුණු 14ක් ලැබුවාය. අනෙක් එක ක්රිීඩිකාවක් හෝ ලකුණු 10 සීමාව පසු කළේ නැත. පන්දු ඕවර 20 තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුළු 08කට ලකුණු 99ක් රැස් කළහ. ජයග්‍රහණය සඳහා ලකුණු 100කි. බැලූ බැල්මට පහසු ඉලක්කයකි. ඕවරයකට සාමාන්‍ය 5ක් ජයග්‍රහණයට ප්රමාණවත්ය.
පන්දු යැවීමේ දී ලිලී බැසින්ත්වයිට් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවාය. ඇය පන්දු ඕවර 4ක් එක නිලකුණු ඕවරයක් සමග යැව්වාය. ලකුනු 07ක් පමණක් දි කඩුලු 03ක් දවා ගත්තාය. එම වික්‍රමය දකිනවිට ඔසට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇතැයි ප්‍රේක්ෂකයින්ට සිතුනේය. හස්රාට් ගිල් ලකුණු 18කට කඩුළු 02ක්, ටෙගන් විලියම්සන් ලකුණු 19කට කඩුළු 03ක් ලැබුවාය.
පන්දුවට පහර දීමට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායම අන්දමන්ද කළේ එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ බට්ටි චමෝදි ප්රබෝධාය. ඇය යැවූ මුල්ම පන්දු ඕවරයේ සිවුවෙනි පන්දුවේ දී ඇය කඩුල්ලක් ලබා ගත්තාය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමත් තියුණු එකක් වූයේය. චමොදි ප්රබොදා ලකුණු 13කට කඩුලු දෙකක් ලැබුවාය. ප්‍රමුදි මෙත්සරා ලකුණු 16කට කඩුළු 02ක්, අසෙනි තලගුනේ ලකුණු 18කට කඩුලු 02ක් ලැබුහ. ලිමන්සා තිලකරත්න ලකුණු 18කට කඩුල්ලක් ලැබුවාය. කඩුල්ලක් ලබා ගත්තා සේම පිටියේ කැපී පෙනන පන්දු රැකීමක නිරතවුන ලිමන්සා තිලකරත්න තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවාය. නිමන්සා ඔස්ට්‍රේලියානු පුරවැසි භාවයත් සහිත ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් අත් පොත් තබා ඇති තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ය
ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 20 තුළ රැස් කරන්නේ ලකුණු 87ක් පමණි. ශ්‍රි ලංකා පිල ලකුණු 12ක විශිෂ්ට ජයක් ලැබුවේ.







