හෙට සිට වාහන ගෙන්වීමේ අවසරය ලබා දෙමින් මෙරටට වාහන ගෙන්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ, 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේය.ඒ අනුව 2024 දෙසැම්බර් 18 සිට ජනවාරි 27 වැනිදා අතර කාලය තුළ ණයවර ලිපි නිකුත් කර ඇති සහ දෙසැම්බර් 18 සහ 2025 ජුලි 31 අතර ඕනෑම වරායක් වෙත පැමිණෙන වාහන මුදා හැරීම සඳහා රේගුවට අවසරය හිමිවනු ඇත.
ඒ අනුව 2024 දෙසැම්බර් 18 සිට ජනවාරි 27 වැනිදා අතර කාලය තුළ ණයවර ලිපි නිකුත් කර ඇති සහ දෙසැම්බර් 18 සහ 2025 ජුලි 31 අතර ඕනෑම වරායක් වෙත පැමිණෙන වාහන මුදා හැරීම සඳහා රේගුවට අවසරය හිමිවනු ඇත.








