සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යන එන පාර විනාසයි… අස්වනු ගෙවල්වලට ගේන්න බෑ… උතුරේ ගම්මාන 08ක ගොවීහු අක්කර 325ක වී අස්වැන්න අලින්ට දෙන්න තීරණය කරති!

by editor
ජනවාරි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව්  කෝකිලායී කොක්කුතුඩුවායි හා කනාර්ටුකේණී ඇතුලු ගම්මාන අටක ගොවීන් විසින් වගා කළ වී අස්වැන්න වන අලින්ට කෑමට දීමට ගොවීන්  තීරණය කොට තිබේ. 

එම කුඹුරුවල  අස්වැන්න  නෙලීමෙන් පසුව වී තොග සිය නිවෙස් වලට රැගෙන ඒමට නිසි මාර්ගයක් නොමැතිකම නිසාත් මහ වැසි මැද කුඹුරුවල රාත්‍රිය ගත කිරීම වන අලි ප්‍රහාර වලට ලක් වීමට හේතුවක් වියහැකි නිසාත් ගොවීන් මෙම තීරණය ගෙන ඇත.

වී තොගයක් ගෙන ගිය ට්‍රැක්ටරයක් පෙරළී ඇති අයුරු….

වර්ෂාවට පෙර කොක්කුතුඩුවායි සිට කනාර්ටුකේණී දක්වා ගමන් කෙරෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට මුලතිව් රාජ්‍ය නිලධාරීන් ක්‍රියා නොකිරීම නිසා කෝකිලායී කොක්කුතුඩුවායි හා කනාර්ටුකේණී ඇතුලු ගම්මාන අටක ගොවීන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටියි.

මහ වැසි මැද අස්වැන්න නෙලා ඉතා අසීරුවෙන් ගම්මාන වෙත රැගෙන එන ලද වී ගෝනී 4780 කින් 2900 ක්  මාර්ගයේ වළවල් වලට ටැක්ටර හා කරත්ත  පෙරළීම නිසා එම සම්පූර්ණ වී තොගයම ජලයට පෙගී විනාශ වී ගොස් තිබේ.

මෙම වී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 250 ක් පමණ වන බව එම ගොවීහු  ප්‍රකාශ කොට සිටියි.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ගොවීන්ගේ කුඹුරු වලට යාමට ඒමට නිසි මාර්ගයක් නොමැති නිසා මුලතිව්  කනාටුකේණී මාර්ගය ප්‍රතිසංස්කරණය කොට දෙන ලෙස වසර තුනක් තිස්සේ මුලතිව් නිලධාරින්ගෙන් මුලතිව් ගොවි සංවිධානය ඉල්ලා සිටියද නිලධාරීන් ඊට මැදිහත් නොවීම නිසා ගොවීන්ට මෙම පාඩුව විඳ ගැනීමට සිදුව ඇතැයිද ගොවි සංවිධාන නිලධාරීන් පෙන්වා දෙයි.

පැසුණු ගොයම…

වර්ෂාව නොමැති නියං කාලයේදී එම කුඹුරුවලට යාමට හැකියාව ඇතත් වර්ෂා කාලයට එසේ කිරීමට වී ඇත. 

වර්ෂා ජලයට හසු වූ වී තොගය මිලට ගැනීමට කිසිම  වී මෝල් හිමියෙකු කැමැත්තක් නොදැක්වීම නිසා එම කුඹුරු යායේම වී තොග අලින්ට කෑම සදහා අතහැර දමන්නට ගොවීන් තීරණය කොට තිබේ. 

මෙම පළාතේ ගොවීන් වැව් තුනක් යටතේ  කුඹුරු අක්කර 325 ක් වගා කොට ඇති අතර එම කුඹුරු වර්ෂාවට හසු වී අවස්ථා දෙකකදීම විනාශ වී යාමෙන් පසුව ඉතිරි වූ වී තොග වලට මෙම ඉරණම අයත්ව තිබේ. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුද්ගලික අංශය කුඹුරටම ඇවිත් වී කිලෝව 170ට ගන්නවා… ආණ්ඩුව තුට්ටු දෙකට වී ගන්න ආවොත් වී ඇටයක් දෙන්නෙ නෑ… වලව ගොවීහු කියති!

Next Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන්ට එරෙහිව මෙතෙක් උතුරේ අධිකරණයකින් නියමකළ ඉහළම දඩ මුදල පැනවේ!

Related Posts

පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.