පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මාලඹේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 180ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් කෝටි දෙසීය ඉක්මවන බව වාර්තා වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඊයේ (22) දිනයේ ලද තොරතුරක් මත මාලඹේ කහන්තොට මාවතේ පිහිටි නිවසක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් දෙලක්ෂ පනස් පන් දහසක පමණ මුදලක්, මෝටර් රථයක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වූ මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර වමර්ශන පවත්වයි.








