බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19න් පහළ කාන්තා ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය – ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 60ක දැවැන්ත පරාජයක්….

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

19න් පහළ කාන්තා ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී අද ඉන්දියාව සමග තරගවැදුන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 60ක දැවැන්ත පරාජයක් ලැබුවේය.

දැන් තමන් මුහුණ දුන් මුල් තරග දෙකේදී ලද වාර්තාගත ජයග්‍රහණයන් පිළිබඳ යළි තක්සේරුවකට පැමිණෙන්ට ශ්‍රී ලංකා තරුණ දැරියන්ට සිදුවී ඇත.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ය. ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරූහ. ඉන්දියාවේ මුල් පෙළ පිතිකාරිණියන් බිඳ වැටෙද්දී ආරම්භක පිතිකාරිණිය වූ ගොන්ගදි ත්‍රිසා අති විශිෂ්ට පිතිකරණයක නිරත වූවාය. ඇය හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 44ක දී ලකුණු 49ක් ලැබුවා. අවාසනාවන්ත ලෙස ඇයගෙන් අර්ධ ශතකය ගිහිලිනි.

ඉන්දීය කණ්ඩායමේ පිතිකරණය මුළුමනින්ම ගොනුවන්නේ ගොන්ගදී වටාය. අංක 06 පිතිකාරිනී මිථිලා විනෝද් ලකුණු 16ක ලැබුවා. අනෙක් එකම ක්‍රීඩිකාවත් ලකුණු 15 සීමාව පසු කළේ නැත. ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුළු 09කට ලකුණු 118ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී ප්‍රමුදි මෙත්සරා කඩුළු 02ක්, ලිමන්සා තිලකරත්න කඩුළු 02ක්, අසෙනි තලගුනේ කඩුළු 02ක්, රෂ්මිකා සෙව්වන්දි, චමෝදි ප්‍රබෝධා, සහ මනුදි නානායක්කාර එක් කඩුල්ල බැගින් ලැබුහ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිණියන් අන්දමන්ද කිරීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වුහ. රෂ්මිකා සෙව්වන්දි ලකුණු 15ක් ලැබුවා. අනෙක් එක ක්‍රීඩිකාවකවත් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත. පන්දු ඕවර 20 තුළ ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ කඩුළු 09ක් දැවී ලකුණු 58ක අන්ත අසරණ ලකුණකට සීමා වූහ. මුල් කඩුළු 4ම දැවී යන්නේ ලකුණු 09ක් තුළය.

පන්දු යැවීමේ දී ඉන්දීය ක්‍රීඩිකාවේ එකියකට එකියක් නොදෙවෙනි වූහ. ෂබ්නාම් ශකිල් පන්දු ඕවර 4 තුළ ලකුණු 09කට කඩුල්ලකි. එක් නිලකුණු ඕවරයක් ඇය යැව්වාය. පරුනිකා සිසෝඩි පන්දු ඕවර 4 තුළ ලකුණු 07ක් පමණක් දී කඩුළු 02ක් ලැබුවාය. එක් කඩුල්ලක් ලැබුවත් වයිෂ්නාවි ශර්මා පන්දු ඕවර 4 තුළ ලබා දුන්නේ ලකුණු 03කි. එක් නිලකුණු පන්දු ඕවරයකි. වී.ජේ.ජොෂිතා ලකුණු 17කට කඩුළු 03ක් ලැබුවාය. ඇය පන්දු ඕවර 03ක් යවා තිබිණි. ආයුෂි ශුක්ලා කඩුල්ලක් ලැබුවා.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ විශිෂට පිතිකරණයක නිරතවුන ඉන්දීය ආරම්භක පිතිකාරිණිය වූ ගොන්ගදී ත්‍රිෂා ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 200කට වැඩි වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් මාලඹෙන් අල්ලයි…

Next Post

අර්චුනාටත් කතා කරන්න අවස්ථාව දෙන්න… ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවලින් ලජ්ජා වෙන්නේ පාර්ලිමේන්තුව… බිමල් විපක්ෂයෙන් ඉල්ලයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.