සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චක්‍රලේඛ උල්ලංඝණය කර මුදල් එකතු කළ චෝදනාව මත මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ප්‍රාථමික අංශ විවිධ ප්‍රසංගය අත්හිටුවයි!

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අනුමත ගාස්තු හැර දෙමව්පියන් ගෙන් මුදල් ලබා ගැනීම නොකළ යුුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛන මගින් දැනුම් දී තිබිය දී අදාළ චක්‍රලේඛන උල්ලංඝනය කරමින් සිසුන්ගෙන් මුදල් එකතු කර මහනුවර ධර්මරාජ විදුහලේ ප්‍රාථමික අංශය මගින් පවත්වන්නට සූදානම් කර තිබූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරයාට (රාජකාරි ආවරණ) ලිඛිතව දැනුම් දී තිබේ.

ප්‍රාථමික අංශය මගින් මෙම විවිධ ප්‍රසංගය හෙට (24) මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට සූදානම් කර තිබිණි.

විවිධ ප්‍රසංගය අතරතුර පාසලේ හිටපු විදුහල්පතිවරයාට ත්‍යාග පිරිනැමීමට ද සැළසුම් කර තිබී ඇති අතර ඒ සඳහා ප්‍රාථමික අංශයේ එක් පංතියකින් රුපියල් 3000 බැගින් එකතු කර තිබෙන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබිණි.

මෙයට අමතරව පළමු වසරට ළමුන් ඇතුළත් කළ දෙමව්පියන්ගෙන් ද මුදල් ලබා ගන්නා බවට ලද තොරතුරු මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අධ්‍යාපන) ප්‍රභාත් මද්දුමආරච්චි කැඳවා ඊයේ (22) ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එහි දී ලබාගත් තීරණයකට අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ධර්මරාජ විදුහලේ වැඩ ආවරණය කිරීම සඳහා පත්කර තිබෙන විදුහල්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කරුණු සොයා බලා කටයුතු කරන තෙක් ප්‍රාථමික අංශයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

විවිධ ප්‍රසංගයේ නර්ථනාංග සඳහා සහභාගි වන ප්‍රාථමික අංශයේ එක් දරුවෙකුගෙන් ඇදුම් පැළඳුම් සඳහා රුපියල් 10000 ක මුදලක් එම අංශයේ සහකාර විදුහල්පතිනිය ඇයට හිතවත් ගුරුවරු හා මව්වරු මගින් එකතු කිරීමට කටයුතු කර ඇතැයි ද පෙන්වා දෙන දෙමව්පියන් පිරිසක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට ලිපියක් ද යොමුකර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු කැන්ටිමේ මිල ගණන් වැඩිවෙයි…. 450 ආහාර ගාස්තුව රුපියල් 2000යි.

Next Post

මූල්‍ය චෝදනා මත අත් අඩංගුවට ගත් අනුර ප්‍රියදර්ශන යාපාට ඇප…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.