සමන් මල්ලවආරච්චි –
සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ සුඛෝපභෝගී පුද්ගලික මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව මගීන් 14 දෙනෙක් තුවාල ලබා ඉන් 09 දෙනෙක් බරපතල තත්ත්වයෙන් විශේෂ ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත මාරු කර යවා තිබේ.
එම 09 දෙනා අතර රියදුරු සහ රිය සහායකදවන බව පොලිසිය කියයි.

ඉතිරි මගීන් 5 දෙනා සේරුනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිති. සේරුනුවර පොලිසිය පවසන්නේ අද අළුයම 12.15ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවය. අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 49 දෙනෙක් ගමන් කරමින් සිට තිබේ.
අධික වර්ෂාව නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී පෙරලී ගොස් ඇත. සේරුනුවර පොලිසිය පවසන්නේ අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බවය.
සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. අනතුරට පත් බස් රිය යළි මාර්ගගත කළ ආකාරය පහත දැක්වේ.







