ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක ලකුණු සටහන් කරමින් විකල්ප මාධ්‍ය භාවිතයේ ගැඹුරු අරුත් පෙන්වා දුන් රාවය පුවත්පතේ හිටපු කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද දිවි සැරියෙන් සමුගත්තේය. ඔහු ජන මනස අවදි කරමින් සමාජ පර්යේෂණ කෘති ගණනාවක් බිහි කළ විදග්ධ ග්රන්ථ කරතෘවරයෙක් ද වූයේය.
මිය යනවිට ඔහු 75 වැනි වියෙහි පසුවූයේය. මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් ලෙස 1949 වසරේ ජූනි මස 26 වැනිදා උපත ලද ඔහු 1971 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කැරල්ලෙහි ඉදිරිපෙළ චරිතයක් වූයේය. ඔහු එවකට පක්ෂය හඳුන්වා දුන්නේ පොඩි අතුල නමිනි.
වික්ටර් අයිවන් පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතුවලින් ඈත් විය. අනතුරුව ඔහුගේ දේශපාලනය ජන මාධ්‍යය ඔස්සේ ඔහු සමාජය තුළ තියුණු ලෙස භාවිතා කළේය. රාවය සඟරාවේත් රාවය පුවත්පතෙත් ආරම්භක කර්තෘවරයා වූයේ ඔහුය. ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා දායකත්වය දැක්වූ පුරෝගාමියෙකි.
වික්ටර් අයිවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.







