මහනුවර පන්නිල බද්දේගම පාලම අසලදී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පාරෙන් ඉවතට පැන මොරගහ ඔයට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් එක් පුද්ගලයෙක් අතුරුදහන් වී ඇත. තවත් අයෙක් තුවාල ලබා ජීවිතය ගලවාගෙන තිබේ.
අද සවස 2ට පමණ පන්විල පොලිස් වසමේ හුළුගඟ බැද්දේගම මාර්ගයේ දී මෙම අනතුර සිදුවී තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ බද්දේගම තවලම් තැන්නේ ජීවත්වූ 82 හැවිරිදි කපුරුකැටියේ ප්‍රේමසුන්දර නැමැති විශ්‍රාමික විදුහල්පතිවරයෙක් හා ආර්.ජී. කරුණාවතී නැමැති 77 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකි.
අතුරුදහන්ව ඇත්තේ ජිප් රථය පැදවූ රියදුරාය. පොලිසිය වැඩදුර පරීක්ෂණ පවත්වයි.








