කුරුණෑගල දිස්ත්රික්කයේ, පන්නල පොලිස් බල ප්රදේශයේ, කංකානිමුල්ල රක්ෂිතයේ තිබී කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු අද (19) පන්නල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මියගොස් ඇති පිරිමි පුද්ගලයා ශ්රී ලංකා යුද හමුදාවේ 37 හැවිරිදි මේජර් වරයෙක් බව හඳුනාගෙන ඇත. මිය ගොස් ඇති කාන්තාව 31 හැවිරිදි අයෙකි.
මියගිය දෙපළ අඹු සැමියන් බවත් වාර්තා වන අතර, වස පානය කිරීමෙන් සියදිවි හානි කරගෙන ඇති බවට සැක පල කෙරේ.
පන්නල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







