ලලිත් චාමින්ද –
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර අටක කාලය තුළ ලොකු ළුෑණු බීජ නිෂ්පාදන ව්‍යාපෘති දහයක් ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් තිස් තුන් කෝටි, හැත්තැ එක් ලක්ෂ,හැත්තෑ දහස් හත් සිය අනුදෙකක මුදලක් (337,170,792) වැයකොට ඇතත් දේශිය ලොකු ළුෑණු බිජ නිෂ්පාදනය සියයට 84කින් පහළ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2014 වර්ෂයේ දි මෙරට මෙට්‍රික්ටොන් 98,900ක් වු දේශිය ලොකු ළුණු බිජ නිෂ්පාදනය 2022 වර්ෂය වනවිට මෙට්‍රික්ටොන් 15840ක් දක්වා මෙට්‍රික්ටොන් 83,060කින් අඩුවි තිබුණි.
නිවැරදි අධ්‍යයනයකින් පසු ව්‍යාපෘති ක්‍රියාත්මක කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ වගාවට යොමුවන ගොවින් සංඛ්‍යාව හා සමස්ත වගා බිම් ප්‍රමාණය අඩුවීමත් මත සමස්ත ලොකුළුෑණු වගා අස්වැන්න පසුගිය වසර දහයක කාලය තුළ සැලකිය යුතු මට්ටමකින් පහළගොස් ඇති බවය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.







