දිනසේන රතුගමගේ –
වන්නියේ හින්දු බැතිමතුන්ට මෙවර තෛපොංගල් දිනය සැමරීමට සිදු වූයේ මහා වැසි මැදය.
බොහෝ වැසියන් සිය නිවෙස් ඉදිරිපිට හා වෙළඳසැල් ඉදිරිපිට ලිප් ගිනි මොලවා පසුගිය කන්නයේකුඹුරු වලින් ලද සහල්වලින් කිරිබත් පිස හිරු දෙවියන්ට පූජා කළහ.

කෝවිල්වල තෛපොංගල් පූජා පැවති අතර වවුනියාවේ නෙඩුන්කේණී වෙඩුක්කුනාරී හින්දි කෝවිලේද විශේෂ තෛපොංගල් පූජාවක් පවත්වනු ලැබීය.
හින්දු බැතිමතින් ඔවුන්ගේ ලිත් මාස ක්රමයට අනුව ඔවුන්ගේ අවුරුද්ද උදාවන පලමු දිනයේදී දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීම පිණිසත් පසුගිය කන්නයේ වී අස්වැන්නෙන් ලද සහවලින් කිරිබත් පිස හිරු දෙවිඳුන්ට පූජා කොට මේ වර්ෂයේද කෘෂිකාර්මික කටයුතු සාර්ථකවන ලෙස හිරු දෙවියන්ගෙන් අයැද සිටීම පිණිසත් කෝවිල් වලට පැමිණ සිටියහ.







