බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රියදුරු බලපත්‍ර – වාහන ලියාපදිංචි සහිතක හොරට හදා සල්ලි ගැරූ ජාවරමුන් 03ක් කොටු!

by editor
ජනවාරි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීමේ සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බව පවසා මුදල් ලබාගෙන එම සහතිකපත් කූඨ ලෙස සකස් කරන ජාවාරමුන් කණ්ඩායමක් එසේ ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍ර,  සහතිකපත් තොගයක් සහ එම ලියකියැවිල කසක් කළ උපකරණත් සමග අත් අඩංගුවට ගැනිමට පොලොන්නනරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කර ඇත

ඊයේ (11) සිදුකරන ලද මෙම මෙහෙයුමෙන් මනම්පිටිය, බොරලැස්ගමුව, නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

නාරාහෙන්පිට රියැදුරු පාසලෙන් ලබාදෙන, තාවකාලික රියදුරු බලපත්‍රය ව්‍යාජ ලෙස කසක් කර, මෝටර් රථ දෙපාර්තමේන්තු මගින් ලබාදෙන විශේෂ ස්ටිකරයත් එහි අලවා තිබීම පිළිබඳ විමර්ශකයින් විසින් විශේෂ අවධානයට ලක්කර ඇත.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විසින්, කූට ලේඛන සකසන අයට එම ස්ටිකර මුදලට ලබාදී ඇති බවට තොරතුරු මේ වනවිට තහවුරු වී ඇතැයි ද ඒ පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතින බවද පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු, 48,60,39 යන වයසේ පසුවන්නන්ය. එම සැකකරුවන්, අතර දෙදෙනෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේ රියදුරු පාසලක් පවත්වාගෙන යන බව හෙළි වී ඇත.

ඔවුන් නාරාහේන්පිට මෝටර් රථ කාර්යාලය අසල පදිංචිව සිටිමින් පරිගණක හරහා ව්‍යාජ රියදුරු බලපත්‍ර, වාහන ලියාපදිකිරීමේ සහතික හා තවත් වටිනා ලියකිවිලි සකසා පුද්ගලයන්ට විශාල මුදලකට අලෙවි කර ඇති බවට මේ වනවිට තොරතුරු තහවුරු ඇති බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ඒ අවට පුද්ගලයන්ගෙන් රියදුරු බලපත්‍ර, වාහන ලියාපදි කිරීමේ සහතික, සහ අනෙකුත් බලපත්‍ර සකසා දෙන බවට මුදල් එකතු කරගෙන බොරලැස්ගමුව සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පුද්ගලයින් හරහා කූඨ ලෙස එම ලේඛන සකස්කරවා ඇති බව අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ උපකරණ අද ( 12 ) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බව මනම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත ,කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී.ආර්.ජී. ජාගොඩගේ, උපදෙස් මත, පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඒ.ටී, බණ්ඩාර,පොලිස් සැරයන්, 42229 රංග, 71995 සුනිල්,පොලිස් කොස්තාපල් 75012 සේනාධිර, 88883 ලක්ෂාන්, 11849 ප්‍රියන්ත, 80943 සඳුන්, පොලිස් රියදුරු සමන්මදු යන නිලධාරිහු මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුමින්දගේ හිර ගෙදර නාඩගම ලෝකයට පේන හැටි….

Next Post

අභියාචනාධිකරණ සභාපතිට එරෙහිව ආණ්ඩුවෙන් දෝෂාභියෝග සැලසුමක්- ඊට පෙර ඉල්ලා අස්වෙයි?

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.