පාතාල මැරයෙකුගේ ප්‍රහාරයකට ලක්ව මේ වනවිට රෝහල්ගත සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයාවන සාවිත්‍ර ද සිල්වාත් ඔහු සමග ගැටුමක් ඇති කරගනු ලබන එම මැරයාට පහර දී තුවාල කළ වරදට සාවිත්‍රත් ගල්කිස්ස පොලීසිය මගින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ඔහුගේ නිවස ඉදිරිපිට දී තමන්ගේ පියා ඝාතනය කළ බවට චෝදනා ලද පාතාල අපරාධකරුවන් වූ ඇල්ටො ධර්මේ සහ කුඩු අංජු ගේ සමීපතමයෙක් බව කියන පුද්ගලයෙක් සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ.
එදා කුඩු අංජුලා ධනංජයගේ පියා ඝාතනය කිරීමට එවූ පාතාල අපරාධකරුවන් සාවිත්රවත් ඝාතනය කිරීමට ඉලක්ක කළ බව ද ඔහු දිවගොස් සැඟවී ජීවිතය බේරාගත් බව ද විමර්ශනවලදී කියැවිනි.
සිවිත්ර සමග ඇතිවූ ගැටුමින් අනතුරුව අදාල පුද්ගලයා ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ සාවිත්රට පහරදී ඇත.
පොලීසිය සඳහන් කළේ, ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු සාවිත්රට තියුණු ආයුධයකින් පහරදී ඇති බවත් තුවාල සහිතව නිවස තුළට දිව ගිය සාවිත්‍ර ද තියුණු ආයුධයක් රැගෙන විත් රත්මලානේ සුද්දාට සහ තවත් පුද්ගලයෙකුට පහර දී ඇති බවත්ය.
පහරකෑමෙන් තුවාල ලැබූ සාවිත්‍රත්, සාවිත්‍රගේ පහරින් තුවාල ලැබූ රත්මලානේ සුද්දාත් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. පසුව දෙපිරිසම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සුද්දාගෙන් පහර කෑ සාවිත්‍රත්, සාවිත්රගෙන් පහර කෑ සුද්දා සහ සුද්දාගේ ගෝලයකුත් මේ වනවිට පොලිසිය භාරයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.







