දිනසේන රතුගමගේ –
මුලතිව් යුද හමුදා කඳවුර තුළ අද (01) සිට ශ්‍රි ලංකාවේ තවත් එක් ආගමන රැදවුම් මධ්‍යස්ථානයක් නිල වශයෙන් ක්‍රියාත්මකවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි.
දැනට මිරිහානේ පිහිටි ආගමන රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මේ තීරණය ගෙන තිබේ.
ඒ අනුව පසුගිය දිනක යුද්ධය හේතුවෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයින් 105 දෙනාද මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන විත් තිබේ.
බෝට්ටුවක ආධාරයෙන් ඔවුන් ගමන් කරමින් සිටියදී බෝට්ටුව ක්‍රියා විරහිත වීම නිසා එම බෝට්ටුව මුලතිව් දකුණු වෙරළට පාවී පැමිණීමෙන් පසුව නාවික හමුදාව ඔවුන්ව ත්‍රීකුණාමළය නාවික හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබීය.
එම පිරිස ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව මිරිහාන ආගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අධිකරණය කළ නියෝගය මත ඔවුන් එහි රැගෙන යන ලද නමුත් එම රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඩකඩ නොමැතිකම නිසා අමතර රැඳවුම් මධ්‍යස්ථානයක් හඳුන්වා දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සිදු වුණි.
නීති විරෝධී ලෙස උතුරු මුහුද ආක්‍රමණය කරණ ඉන්දීය ධීවරයින්වද ඉතා දීර්ග කාලයක් රඳවා ගැනීමට සිදු වූ විට මෙතෙක් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ ඔවුන්ව රැඳවූයේය. මින් ඉදිරියට එම ධීවරයින්ද මුලතිව් ගුවන් හමුදා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබෙනු ඇත.







