මේ වනවිට ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ තාවකාලික සැපයුම් මාර්ග කොන්ත්‍රාත්කරුවන් විසින් නිසි ආකාරව නඩත්තු නොකිරීම නිසා සිදුවන බරපතල වායු දූෂණයට එරෙහිව රඹුක්කන බමුනාඋල්ල ප්‍රදේශවාසීහු එම සැපයුම් මාර්ගයක් හරස් කර අද (29) උදේ විරෝධතාවය නිරත වූහ.
දිනකට ටිපර් රථ 900ක් පමණ ගමන් කරන මෙම තාවකාලික මාර්ගයේ බොරළු සහිත දුහුවිල්ල දැඩිව මතුවිම හේතුවෙන් අවට ප්‍රදේශවාසීන්ට ශ්වසන රෝග තත්ත්වයන් පවා ඇති වී තිබෙන බවත්, නිවසක ඇඳුමක් පැළඳුමක් හෝ තබා ගත නොහැකි මට්ටමක් උද්ගත වී ඇති බවත් විරෝධතාවයට එක්වූ පිරිස් දැක්වූහ.

මාර්ගයට වතුර එක් කර දුහුවිලි පාලනය කරන ලෙස කොපමණ ඉල්ලිම් කළත් කිසිම ප්‍රතිචාරයක් නොමැති තැන මේ ආකාරයෙන් විරෝධතාවයකට එළඹි බව ද ඔවුහු පැවසූහ. වහාම මෙම තත්ත්වයට මැදිහත් වි ජන ජීවිතයට හානි නොවන ආකාරයට කටයුතු කරන ලෙස ද ඔවුහු බලධාරීන්ගේන් ඉල්ලා සිටිහය.







