ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම උපරිම සිල්ලර මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
ඒ අනුව එම ගැසට් නිවේදනය මගින් ටූනා ග්රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක් ලෙසද, ජැක් මැකරල් ග්රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560 ක් ලෙස ද මිල නියම කර ඇත.
මැකරල් ග්රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 420 කි. මැකරල් ග්රෑම් 155 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 180 කි.







