මනම්පිටිය නිමල් ජයරත්න –
-
හැම එකාටම කකුල් දෙකෙන් හිටන් කිව්වා… වැඩක් නෑ… ඒ නිසා ඔළුවෙන් හිටන් කියන්න හිතුවා… ගොවි මහත්මයා කියයි!
පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් හිටගෙන අදහස් ප්‍රකාශ කරද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් අද මේ මහා ව්‍යසනය සම්බන්ධව ඇලහැර ගොවි මහත්තයෙක් ඔලුවෙන් හිටගෙන බලධාරීන්ට කරුණු ඉදිරිපත් කළේය.

අලි මිනිස් ගැටුමේ ඇති වේදනාව ඔළුවෙන් හිටගෙන රටට කීවේ ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 වියති එච්.එම්.උපුල් හෙට්ටිනායක නැමැති ගොවි මහත්මයෙකි.
ඔහු ඔළුවෙන් හිටගෙන කී තතාව මෙසේය.
“බලධාරීන්ට අපි අවුරුදු ගානක් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල කිව්වා කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ.”
“,ගොවිතැන ගන්ඩ දෙයක් නෑ. මඤ්ඤොක්කා ගහක් හිටවලා කාපු කාලයක් මතක නෑ… සේරම අලි වනසනවා. මේ ගැන පුන පුනා හැම රජයකටම කිව්වා. කිසිම කෙනෙක් අවධානයක්, විසඳුමක් දුන්නේ නෑ.
“දැන් මම හිතුවා මේක අලුත් විදිහටවත් කියල බලන්න. පරිසරවේදීන්, කෝටිපතියෝ, වාහනවල යනවා. ඒ අයට අලි තර්ජන නැහැ. අපේ අහිංසක මිනිස්සුන්, බෙහෙත් ගන්න, ටවුමට බඩු ටිකක් ගන්න යන්නේ පයින්, ළමයි පාසල් යන්නේ පයින්. එතකොට කොයි මොහොතේ අලියෙක් ගහලා අපිව මරල දායිද දන්නෑ.” උපුල් හෙටිනායක ඔළුවෙන් හිට ගෙන ගම්මුන්ගේ වේදනාව කීවේය.
පසුගිය දින කිහිපය පුරා ඇළහැර ගොවි ජනපදයේ කෙත් යාය රැසක වන අලි ඇවිදීම නිසා මාසයක් වයසති පැල ගොයම විනාශ වී ගොස් තිබුණේය.







