සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු පරිස්සමින් කරන්න… ඔබ ගැනත් රජයේ හැසිරීම ගැනත් ජනතාව අවදියෙන්… මල්වතු මහා නායක හිමියෝ ජනපතිට කියති!

by editor
දෙසැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තවමත් ස්වාධීනව නැගී සිටීමට හැකියාවක් නැති ජාතියක් ලෙස අප විදෙස් රටවලින් උදවු උපකාර ලබා ගන්නා විට අතිශය කල්පනාකාරී විය යුතු බවත්, රජයේ හැසිරීම සම්බන්ධව මහ ජනතාව අතිශය සංවේදීව අවදියෙන් සිටින බව අවබෝධ කරගෙන තීන්දු තීරණ ගැනීම වැදගත් බවත් මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ ගැන අවධාරණයෙන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සිය ධූරයට පත්ව මාස තුනක් ඉක්මන අවස්ථාවේ අස්ගිරි මල්වතු මහා නායක හිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීය.

මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අමතා මල්වතු මහා නායක හිමියෝ මෙම වැදගත් උපදේශය ජනාධිපතිවරයාට ලබා දෙන විට ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයේ සංක්ෂිප්තය මෙන්ම එහිදී ඉන්දියාව වෙතින් ලබා ගත් ණය ආධාර ප්‍රදානයන් බවට පත් කරගැනීමට හැකි වූ ආකාරය සම්බන්ධව මහා නායක හිමියන්ට පැහැදිලි කළේය.

අනතුරුව මල්වතු මහා නා හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාදය පළ කළහ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, මුතියංගණ රජ මහා විහාරාධිකාරී පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන යන ස්වාමින් වහන්සේලාද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද පළ කළහ.

ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා 2020 -23ට අදාලව ලබා දී ඇති නාම යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයින් මෙන්ම පක්ෂ ද සොයා ගත නොහැකි වී ඇති බවය.

මේ තත්ත්වය තුළ නැවත නාම යෝජනා ලබා ගන්න අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කරන බව කී ජනාධිපතිවරයා . ජනවාරි මස මැද වනවිට නව නාමයෝජනා ලයිස්තු සකස් කරගැනීමට අවශ්‍ය පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා බව කීවේය.

අවුරුද්දට කලින් පළාත් පාලන පනත සම්මත කරගෙන නාම යෝජනා ලබාගෙන පළාත් පාලන මැතිවරණය පවත්වා පළාත් සභා මැතිවරණය ද ලබන වසර තුළ පවත්වා නිම කරන බව ජනාධිපතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වන අලි ජීවිතවලට කරන ව්‍යසනය ගැන ගොවි මහත්මයෙක් ඔළුවෙන් හිටගෙනත් බලධාරීන්ට කියා බලයි… 

Next Post

පානදුර කුඩු සළිදුට ඇප… නීතිඥවරු සහ ආධාරකරුවන් සමග අඳුරුකළ වාහනයකින් සළිඳු ගෙදර යයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.