සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් බලය අවලමේ යවා රුපියල් තුන් ලක්ෂ අනූ දාහක මුදලක් සහ පවුම් 04ක රන් භාණ්ඩ කොල්ල කෑ පොලිස් හොරෙක් අත් අඩංගුවට… තවත් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට සූදානම්….

by editor
දෙසැම්බර් 19, 2024
in පුවත්
police
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සිරිපුර රන්කෙත්ගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අයුතු බලපෑම් හා තර්ජනය කර ඔවුන් සතුව තිබූ රුපියල් තුන්ලක්‍ෂ අනූ දාහක මුදලක් සහ පවුම් හතරහමාරක් බරැති රන් භාණ්ඩ කොල්ලකෑ බව කි‍යන පැමිණිල්ලක් මත සිරිපුර පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් කෙනෙක් අද (19 ) සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ සිරිපුර පොලිස් ස්ථානයේ තවත් පොලිස් කොස්තාපල් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට එම මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

සිද්ධියට සම්බන්ධ, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කෙරු බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා අප කළ විමසීමකදී පැවසීය.

මාතර උස්ගොඩ තෙලිජ්ජිවල ලිපිනයේ පදිංචිව සිටි, දේශීය වෙද මහතෙකු, සිරිපුර ප්‍රදේශයේ අසනීප අයෙකුට ප්‍රතිකාර කිරීමට බව පවසා, පුද්ගලයන් කිහිප දෙනෙකු සමග සැලසුම් සහගතව අදාල පොලිස් නිලධාරින් තිදෙනා විසින් සි‍රිපුර ප්‍රදේශයට ගෙන්වාගෙන තිබේ.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

පසුව එම වෙද මහතා සිරිපුර රන්කෙත්ගම වැව ආසන්නයට රැගෙන ගොස් රෝගියාට ප්‍රතිකාර කිරීමේදී, නිධානයකින් ලබාගත් ගල්පෙට්ටියක් තිබෙන බවට පුද්ගලයන් දෙදෙනෙකු වෙද මහතා දැනුවත්කොට කොට ඇත.

එහිදී සැලසුම් සහගතව වැටලීම සිදු කරන ආකාරයෙන් පැමිණි පොලිස් නිලධාරින් තිදෙනා එම සිද්ධිය වීඩියෝ කර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන බවට බියගන්වා,තර්ජනය කර, වෙද මහතාගෙන් සහ පැමිණිලි කල අනිත් දෙදෙනාගේ මුදල් සහ රන් භාණ්ඩ පොලිස් නිලධාරින් තිදෙනා විසින් කොල්ලකෑ බවට සිරිපුර පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ අනුව මෙම සිද්ධියට මූලික වූ සිරිපුර ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු දෙසැම්බර් 18 වෙනිදා අත්අඩංගුවට ගෙන ඔවුන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 24 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී.ආර්. ජාගොඩආරච්චි, පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් විමර්ශන කටයුතු කිරීමෙන් පසු මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිඹුලාගල සේනාසනයේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ආරාමික නටබුන් පුරා වස්තු සංහාරකයෝ බෝර දමා වනසති…

Next Post

සජිත් අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ලබා දෙයි… නලින්දගේ දොළ දුක සන්සිඳෙයි!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.