විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ අධ්‍යාපන සහතික පෙන්වා ගිය ද එම සහතික පාර්ලිමේන්තු හැන්සාඩ් කාර්යාලයට හෝ පාර්ලිමේන්තු පුස්තකාලයට කෙටි පරිශිලනයක් සඳහා හෝ භාර දී ගොස් නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලේඛණ හැන්සාඩ් කාර්යාලයට හෝ පුස්තකාලයට භාරදීම සම්ප්‍රදාය වුව ද අද උදෑසන වනතුරුත් එම ලේඛන භාර දී නොතිබුන බැවින් ද එම සහතික පරිශිලනය කර නැති බැවින්ද එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව මේ මොහොතේ යමක් ප්‍රකාශ කළ නොහැකි බවය.
එමෙන්ම ජාතික ජන බලවේගයේ වෛද්‍යවරුන් සම්බන්ධ තොරතුරැ ද, නීතිඥවරු ගැන තොරතුරු ද අදාල ආයතන මගින් ලබා ගත හැකි නිසා ඒවා ඉදිරිපත් කිරීම සම්බන්ධව විශේෂ ගැටලුවක් පැන නොනගින බව කී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අශෝක රන්වල කථානායක ධූරයෙන් ඉවත් වූයේ ඔහුගේ උපාධි සහතිකය ඉදිරිපත් කිරීම සඳහා කාලයක් ලබාගත යුතු නිසා බව ද අවශ්‍ය මොහොතේ අවශ්‍ය පරිදි එම සහතිකය ඉදිරිපත් වනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.







