දිනසේන රතුගමගේ –
යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෛද්‍යවරයාගෙන් රුපියල් මිලියන සීයක වන්දි මුදලක් ඉල්ලා යාපනය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂ පී.සත්‍යමූර්ති වෛද්‍යවරයා 18 දා යාපනය අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබේ.
එම නඩුවේ සඳහන් කොට ඇත්තේ යාපනය ශීක්ෂණ රෝහල තුළට බලහත්කාරයෙන් කඩා වැදී තමන්ට අපහාස වන අන්දමට මෙම මන්ත්‍රීවරයා හැසිරුණු අතර යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීද තමන්ගේ කීර්ති නාමයට හා රෝහලේ ගෞරවයට හානි සිදුවන ආකාරයට මන්ත්‍රීවරයා කටයුතු කළ බවයි.
අවස්ථා කීපයක්ම මන්ත්‍රීවරයා තමන්ට අභූත චෝදනා එල්ල කමින් තමන්ව අපහසුතාවයට පත් කළ බවද තවත් අවස්ථා කීපයකදී තමන්ට තර්ජනය කළ බවද ප්‍රකාශ කොට ඇති යාපනය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා මේ හේතූන් නිසා තමන්ට හා තම කීර්ති නාමයට සිදු වූ හානිය වෙණුවෙන් රුපියල් මිලියන සීයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුව තුළ යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාට චෝදනා කරනු ලැබුවේ නියමිත සුදුසුකම් සපුරා නැති මෙම නිලධාරියා පසුගිය ආණ්ඩුවේ දේශපාලන බලය සහිතව එම තනතුරේ ස්ථිර වී සිටින දූෂිත පුද්ගලයෙක් බවය. වෛද්‍ය සත්‍යමූර්ති තමන් වෙත මරණ තර්ජන එල්ල කරන ලද බවත් ඔහුගේ දූෂණ සහිත ලිපි ගොනු ගණනාවක් ඉදිරිපත් කරමින් මේ චෞර නිලධාරියාට එරෙහිව කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කරන බවත් ඔහු කියා සිටියේය. එහෙත් ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ චෝදනා සෞඛ්‍ය ඇමතිවරයාට ලැබී තිබුණේ නැත.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයාට මේ වන විට ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයක නඩු 21 ක් විවිධ පුද්ගලයින් විසින් ගොණු කොට ඇති බවද වාර්තාවේ.







