හැටන් රංජිත් රාජපක්ෂ –
මන්දක් අටවා කඳුකර කොටියෙකු ඝාතනය කර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරිහු පවසති.
හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතුයායේ ළදු කැළැවක මියගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් හැටන් පොලිසියට අද (18) දින කළ දැනුම් දිමක් මත පොලිස් නිලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර තිබේ.
හැටන් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කොටියාගේ සිරුර සොයාගත් අවස්ථාවේ කොටියාගේ හිස සහ පාද හතර දඩයම්කරුවන් විසින් කපාගෙන ගොස් ඇති බව වනජිවි නිලධාරිහු කීහ.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවු 10 ක් පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියෙකු බවත්, කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණ සදහා රණ්දෙණිගල වනජිවි පශුවෛද්‍ය රෝහල වෙත යොමු කරන බවත් වනජිවි නිලධාරින් පැවසිය.







