රජයේ කිසිම ගොවිපලක් විදේශ සමාගම් වෙත විකිණීම සිදු නොකරන බවත් මෙම ගොවිපල දේශීය ආර්ථිකයට සාධනීය එක් කරගැනීම සඳහා දේශීය ව්‍යවසාකයින් සහ රජය ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවත් නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්න අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
හේෂා විතානගේ මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සිය පැහැදිලි කිරීම කළේය.
එන්එල්ඩිබී ගොවිපලවල අක්කර විසි අට දහස් අටසිය දෙකක් තියනවා. මිල්කෝ ආයතන කිරි සෙන්ටර් 92ක් කිරි ෆැක්ටරි ඇතුළු සියලුම දේපල අමුල් සහ ලංකාවෙ සමාගමක් එකට එකතු කරලා ඉතා අඩු මුදලකට දෙන්න කටයුතු කරමින් හිටියා.
ඊට එරෙහිව අපි විරෝධය පළ කළා. ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගමන් ගියා. ඒ තත්ත්වය ඇතුළෙ දෙන්න ඔන්න මෙන්න තිබිය දී හිටපු කෘෂිකර්ම ඇමති කිව්වා එහෙම ගිවිසුමක් අමුල් සමාගමත් එක්ක නෑ කියලා. ඒ තත්ත්වය ඇතුළෙ මේ වෑයම අපි නැවැත්තුවා. ”
“මේ සංවර්ධනය කරන්න ඕන. මේ ගොවි බිම් විදේශ සමාගම්වලට ලබා දීමට කිසිදු තීන්දුවක් අරන් නෑ. රටේ ආයෝජනයට රාජ්‍ය අනුග්‍රහය යටතේ දේශීය ආයෝජකයො සම්බන්ධ කරගැනීම සඳහා සාකච්ඡා කරනවා. මොකද සමහර අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න රජයට විතරක් බැ. රජයේ අනන්‍යතාවය තියාගෙන අපේ රටේ ව්‍යවසායකයෝ සම්බන්ධ කරගෙන ඉදිරියට යන ව්‍යුහයක් සම්බන්ධව අදාලව සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව රටට වාසිදායක නිවැරදිම තීන්දු කරනවා.







