හිටපු කථානායකවරයාට විශ්වාස භංග යෝජානවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය ලෙස තමන්ට මුල පුරන්නට සිදුවූ බවත් එවැනි අත්දැකීමක් යළිත් මෙම පාර්ලමේන්තු සභාවරය තුළ අත් විඳින්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළ අභිනවයෙන් පත් වූ කථා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට සුබ පතමින් සිදුකළ කථාව අතරය.
” විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හැම මන්ත්‍රිවරයෙකුටම එක හා සමානව සලකලා හැම මන්ත්‍රීවරයෙක්ම නියෝජනය කරන අදහසට මතයට දර්ශනයට ඉඩ කඩ ලබා දීලා ඒ තුළින් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමේ ප්‍රධානතම පුරුකක් බවට ඔබතුමා පත් වෙනවා.
” ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ කථානායකවරයා හැටියට පත්විම පිළිබඳව අපේ සුබ පැතුම් පුදකර සිටිනවා. ඒ වගේම අපට සිද්ධ වුනා හිටපු කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංගයකට මුල පුරන්නට. මම ප්‍රාර්ථනා කරනවා මේ පාර්ලිමේන්තු කාල වකවානුව තුළ දී එවැන්නක් නැවතත් වරක් ක්‍රියාත්මක කරන්නට ඉඩ ප්‍රස්ථාව නොලැබේවා කියලා…”







