බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොඩබිම දී ඉතිහාසයේ විශාලම කුඩු තොගය අත් අඩංගුවට ගත් ගන්දර පොලිස් මෙහෙයුම අතර කෝටි හත හමාරක කුඩු කිලෝ 05ක් අතුරු දහන්… පොලිස් ගේමක් දැයි සීඅයිඩිය සොයයි….

by editor
දෙසැම්බර් 14, 2024
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

ලංකාවේ ප්‍රාදේශිය පොලිසියක් විසින් අත් අඩංගුවට ගත් දැවැන්තම මත්කුඩු තොගය ලෙස ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පසුගිය නොවැම්බර් 21 වැනිදා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් සොයාගත් රුපියල් කෝටි 500ක් පමණ වෙළෙඳපොළ වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් කිලෝ 240න් කෝටි හත හමාරකට වඩා වටිනාකමින් වැඩි මත්කුඩු කිලෝ 05ක  තොගයක් අතුරුදහන් කළ බවට සැක කරන පොලිස් ගේමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශන සිදු වන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණයෙන් වන අතර, එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉකුත් දිනක මාතර ප්‍රදේශයට ද ගොස් අදාල මුලික විමර්ශන ආරම්භ කර ඇති බව

මේ වන විට එම මත්ද්‍රව්‍ය වැටලීමට සම්බන්ධ වූ නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු වන අතර, එහිදී ප්‍රශ්නගත කරුණු රැසක් ද අනාවරණය වෙමින් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

වැටලීම සම්බන්ධයෙන් සටහන් තැබූ පොත්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමේ නිරීක්ෂණයන්ට ලක්ව ඇත. මෙහිදි ගැටලුසහගත තත්ත්වයන් රැසක්ම අනාවරණය වී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ගන්දර මෙහෙයුමේ දි අත් අඩංගුවට ගත් කුඩු තොගය…

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඉකුත් 18 වැනිදා රාත්‍රියේ ගන්දර, නුන්නවැල්ල ප්‍රදේශයේ වෙරළ ආසන්නයට පැමිණි ඩිංගි බෝට්ටුවක තිබූ මත්ද්‍රව්‍ය තොගයක් වෑන් රියකට පටවන අයුරු කිසියම් පුද්ගලයකු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර තිබුණේය.

මෙම මත්ද්‍රව්‍ය තොගය එම වෑන් රියෙන් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කර තිබිණි. ඒ අතර පුද්ගලයකු ජංගම දුරකථනයෙන් මත්ද්‍රව්‍ය තොගය වෑන් රියට පටවන ආකාරය රූගත කර ඇති බවට ඔත්තුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ගියේය. මින් කලබලවූ  ජාවාරම්කරු න් වීඩියෝ ගත කළ තැනැත්තාගෙන් එම වීඩියෝව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ රුපියල් ලක්‍ෂ 20ක් ඔහුට ලබාදෙන බව කියමිනි. එහෙත් වීඩියෝකරු එය ප්‍රතික්ෂේප කළේය. ඔහු ජාවාරම්කරුට පවසා ඇත්තේ වීඩියෝව ලබාදීමට නම් රුපියල් ලක්‍ෂ 50ක් අවශ්‍ය බවය.

මේ සිද්ධිය මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සැල වූයේය. ඔහු පොලිස් කණ්ඩායමක් යොදවා ගන්දර සිටි මෙම පුද්ගලයාව සොයාගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර දුකරථනය අත් අඩංගුවට ගෙන මකා දමන ලද වීඩියොව ලබා ගත්තේය. ඒ ඔස්සේ නොවැම්බර් 20 වැනිදා පුද්ගලයන් 05 දෙනකු මාතරදී අත්අඩංගුවට ගත්තේය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 615,000ක මුදලක් ද සමඟිනි.

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත නොවැම්බර් 21 වැනිදා මාතරදී එක් සැකකරුවකු ද ගල්කිස්සේදී අත්අඩංගුවට ගන්නා පොලීසිය අනතුරුව රත්මලානේදී තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. සමස්ත විමර්ශනයේදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් දස දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබිණි. ඒ අතර මත්කුඩු තොගය පටවාගෙන පැමිණි වාහනයේ රියදුරු ද විය. විමර්ශනයේ දී හෙළි වන්නේ මත්ද්‍රව්‍ය තොගය ගාල්ල නාගොඩ නිවසකට රැගෙන ගිය බවය.

එම මත්ද්‍රව්‍ය තොගය මලුවල අසුරා පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා තිබිණි. නෞකාවක් ආධාරයෙන් ගෙනෙන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය මහ මුහුද මැදදී මෙරට ටැංකි බෝට්ටුවකට පටවා තිබේ. පසුව එම බෝට්ටුවෙන් මඳ දුරක් වෙරළ ආසන්නයට ගෙන්වා ඉන් අනතුරුව ඒවා ඩිංගි බෝට්ටුවක අසුරා ඩිංගි බෝට්ටුවෙන් ගන්දර වෙරළට රැගෙනවිත් ඇත. එතැනින් වෑන් රියට පැටවෙන මත්ද්‍රව්‍ය තොගය ගාල්ල නාගොඩ නිවෙසට රැගෙන ගොස් තිබිණි.

ඒ වනවිට ජාවාරමේ ප්‍රධාන සැකකරු, මුහුදේ සිට මත්කුඩු තොගය වෙරළට ගෙනා ඩිංගි බෝට්ටු හිමිකරු පලා ගියත් කෝටි 500කට වැඩි වටිනාකමිකින් යුත් මත්ද්‍රව්‍ය තොගය සැඟවූ තැනින් සොයා ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වුයේ ඉතිහාස ගතවන වාර්තාවක් ද තබමිනි.

කෙසේ වෙතත් මේ මත්කුඩු තොගය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොලිස්පති නියමයෙන් සිදුකරව විමර්ශනයේ දී හෙළි වන්නේ මත්කුඩු ජාවාරම් කරුවන්ගෙන් අත් අඩංගුවට ගත් මත්කුඩු ප්‍රමාණයත් නිත්‍යානුකූලව විමර්ශන කණඩායම් විසින් භාර දුන් මත්කුඩු ප්‍රමාණයත් අතර කිලෝ පහකට ආසන්න වෙනසක් ඇති බවය. මේ තත්ත්වය නාකොටික් එක පොලිස්පතිවරයාට දැනුම් දෙන්නේය. අතුරුදහන් වූ කුඩු තොගය හොයන්න සීඅයිඩි විමර්ශනයක් ආරම්භ වන්නේ ඒ අනුවය.

ගාල්ල නාගොඩ පිහිටි නිවෙසකින් සොයාගත් මත්ද්‍රව්‍ය අතර අයිස් කිලෝ 160ක් සහ හෙරොයින් කිලෝ 60ක් තිබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කළේය. දැන් කුඩු අඩුය. සිද්ධිය නූල් බෝලයක් සේ සංකීර්ණය.

පොලිස් අත් අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය අතුරුදහන් වූ ඉතිහාසය

පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු අස්ථානගත වීම් සම්බන්ධයෙන් ඉතිහාසයේ කොතකුත් තොරතුරු සඳහන්ය. මෙරට කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවකු වූ කුඩු නූර් නමැත්තා සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 04ක් අතුරුදන් වීමක් ගැන ඉතිහාසයේ කරුණු සඳහන්ය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවූ අතර, එහිදී මත්කුඩු කිලෝ 04ක් පොලීසිය මඟින් අස්ථානගත කර ඇති බව අනාවරණය වී තිබිණි. ඒ හේතුව නිසාම එම මත්කුඩු නඩුවෙන් කුඩු නූර් නිදහස ලැබීය.

මේ වනවිට ගන්දර සිද්ධිය සම්බන්ධව ප්‍රශ්න ගත කරුණු රැසක් අනාවරණය වෙමින් ඇත්තේය. එය පොලිස් මත් ද්‍රව්‍ය වැටලීම් ඉතිහාසයට කළු පැල්ලමක් නොවනු ඇතැයි පුරවැසියන් ලෙස ප්‍රාර්ථනා කරන්නේ ඉදිරියේදී හෙළි වීමට නියමිතව ඇති අප්‍රසන්න සිදුවීම් සම්බන්ධව ඇති ඉවක් සමග බව කිව යුතුව ඇත. ( දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ) 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ධනවතුන්ගේ ලෝකය මත් කළ ඉෂාර්ඩ් බායි ඇතුළු 03ක් වලානෙන් අත් අඩංගුවට ගනී!

Next Post

අම්මලා තාත්තලා එක්ක පාසල් වත්තේ තල වවා විකුණා ඉස්කෝලෙට මාධ්‍ය ඒකකයක් හදා ගත් දරුවෝ…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.