කථානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉලලා අස් වී තිබේ. කථා නායකවරයා මේ වනවිට සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් පාර්ලිමේන්තුවට භාර දී තිබේ. ඔහු කතා නායක ධූරය දරනු ලැබුවේ සති දෙකක කාලයක් පමණි.
සිය අධ්‍යාපන සුදුසුකම් සඟවා ව්‍යාජ ආචාර්ය උපාධියක් ඉදිරිපත් කරමින් රට මෙන්ම පක්ෂය ද රැවටීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වි තිබිණි.
දිගින් දිගටම ඔහුගේ අධ්‍යාපන සුදුසුකම ප්‍රශ්න කිරීමට ලක් වූ අතර ඔහුට ජපානයේ අසාදා විශ්වවිද්‍යාලයේ උපාධියක් නොමැති බව තහවුරු වූ අතර ඔහුට ඇතතේ බීඑස්සී උපාධියක් නොව, ඩිප්ලෝමාවක් පමණක් බව ද මොරටුව විශ්වවිද්‍යාලයෙන් තහවුර කළේය.
එමෙන්ම අද විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ වැරැද්දක් කර ඇතිනම් රටේ කුමණ තරාතිරමක පුද්ගලයෙකුට උවද දඬුවම් කිරීමට නොපැකිළෙන බවය.
මේ අතර සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් ද අත්සන් කරමින් සිටියේය. මේ තත්ත්වය තුළ අශෝක රන්වල කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීම අද ප්‍රකාශයට පත් කළේය.







