ඊයේ (11) පස්වරුවේ සිට වහාම ක්රියාත්මකවන පරිදි දිනමිණ කර්තෘ ධූරයෙන් මනෝජ් අබයදීර ඉවත් කර තිබේ. ලේක් හවුස් ආයතනයේ කර්තෘවරයෙකුට සිදුකරන සම්ප්රදායික දැනුම්දීමේ රාටවෙන් තොරව ඔහු එම තනතුරින් ඉවත් කර ඇත.
එමෙන්ම මෙතෙක් සිළුමිණ පුවත්පතේ වැඩබලන කර්තෘ ලෙස කටයුතු කළ ශිරෝමි අබේසිංහ ද එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
දිනමිණ නව කතෘවරයා වශයෙන් ලංකාදීප පුවත්පතේ ප්රධාන උප කතෘ ප්රදීප් දසනායක අද (12) වැඩ භාර ගැනීමට නියමිතය. සිළුමිණ කර්තෘවරයා ලෙස දිනමිණ පුවත්පතේ හිටපු විශේෂාංග කර්තෘවරයෙක් වූ අනුර කේ. එදිරිසූරිය පත් කර ඇතැයි වාර්තා වේ.







