අද (10) රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා එළඹෙන 13 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එම අධිකරණය නියොග කළේය.
මැණික් සොරකමක් සම්බන්ධව 2023 අගෝස්තු මාසයේ දී පුද්ගලයෙක් සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධව පැමිණිල්ලට වාසි සහගත වන ආකාරයෙන් කටයුතු කරමින් කෝටි 14කට අධික වටිනාකමක් සහිත මැණික්ගල් නීති විරෝධීව අත් පත් කරගැනීම, නීති විරෝධීව පුද්ගලයෙක් පැහැර ගැනීම, එම පැහැරගත් පුද්ගලයා නීති විරෝධීව රඳවා තබාගෙන අයුක්ති සහගත ලෙස ඔහුට චෝදනා ගොනුකර නඩු පැවරීම සම්බන්ධ සිද්ධියක් සඳහා ආධාර අනුබල දීම සම්බන්ධව හිටපු අධ්යක්ෂවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් වුනේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ කතාවත් කියවන්න…







