නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එම ක්‍රමය ඉතාම මෑතක දී හඳුන්වා දෙන තෙක් දැනට පවතින ක්‍රමය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කරන බව ද ඔහු පෙන්වා දෙයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.
නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ලබා දීමේ ක්‍රමවේදය තුළ විටින් විට ප්‍රශ්න පැන නැගුණා. කෝප් කමිටුවෙත් මේ සම්බන්ධව බරපතල අක්‍රමිකතා හෙලි දරවු වෙලා තිබුණා. මේ රියදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා රජයේ අවධානය යොමු වෙලා තියනවා.
ඒ අනුව නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීන්දු කළා. එතෙක් ඉතා කෙටි කාලයක් සඳහා පවතින ක්‍රමය පවත්වාගෙන යන්නටත්, එතනින් එහාට රියදුරන්ටත් සිය ක්‍රියාවලිය පහසුවන ආකාරයට ඩිජිටල් රියදුරු බලපත්‍රය කඩිනමින් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා…







