කිලෝ පන්සීයකට ආසන්න අයිස් සහ කොකේන් තොගයක් සමග ඉන්දීය නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික නෞකා ගජබාහු 1 වෙත භාරදුන් මත්ද්‍රව්‍ය තොගය සහිත බහුදින ධීවර යාත්‍රාව සහ එම ජාවාරමට සහාය දෙමින් සිටි යාත්‍රාව ත් සැකකරුවන් පිරිසත් අද (02) නාවික හමුදාව විසින් කොළඹ වරාය වෙත රැගෙන ආවේය.

ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාව විසින් අදාළ යාත්‍රා දෙක සිය භාරයට ගත්තේ පසුගිය 24 සහ 25 යන දිනයන්හීදී ය.
එම අයිස් මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් නොවැම්බර් මස 29 දා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු වෙත ඉන්දීය නාවික හමුදාව විසින් භාර දීමට කටයුතු කෙරිනි. නාවික හමුදාව විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධීවර යාත්‍රා සහ සැක කරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අද (02) ගොඩබිමට රැගෙන ආවේය







