නායේ යෑම් අවදානම් තක්සේරුවකින් පසු නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර ප්‍රදේශ සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත්කර තිබේ.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල සහ උකුවෙල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රදේශයට ද රතු නිවේදන නිකුත් කර ඇත.
පවතින අධික වර්ෂාපතනය සමග ඇතිවන භූමියේ හැසිරිම සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ දිස්ත්‍රික්ක දහයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් සිදුකළේය. එම අනතුරු ඇඟවීම් තිබුණෙ දෙවැනි මට්ටමේය. බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා මෙසේ අවධාන/ඇම්බර් (මට්ටම 2) නිවේදන නිකුත් විය. එම තක්සේරුව නුවරට අධි අවදානම් මට්ටම තෙක් ඉහළ ගොස් තිබේ.
ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර හම්බන්තොට, කළුතර, මහනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා විමසිලමත්ව සිටින්න/කහ (මට්ටම 1) නිවේදන නිකුත් කර තිබිණි.
අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව වර්ෂාවත් සමඟ බෑවුම් ආශ්‍රිතව ඇතිවිය හැකි නායයෑම් පූර්ව ලක්ෂණ (පොළොව ඉරිතැලීම්, පොළොව ගිලා බැසීම්, ගස්/වැට/විදුලි කණු/දුරකථන කණු ඇඳවීම්/ගොඩනැගිලි බිම්වල සහ බිත්තිවල ඉරිතැලීම්/හදිසි දිය උල්පත් මතුවීම් හෝ සිඳීයාම්) පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, එවැනි ලක්ෂණ දක්නට ලැබේනම්, අදාළ බලධාරීන් දැනුවත් කර ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත ස්ථානයකට ඉවත්වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහජනතාව දැනුවත් කර සිටියි.
තවද, අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සහ එම ප්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන හා යාවත්කාලීන කිරීම් කෙරෙහි අවධානයෙන් සිට ඒ අනුව ක්‍රියා කරන ලෙසද උපදෙස් දෙනු ලැබේ.







