අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩිය බැගින් විවෘත කර තිබේ.
සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 99,000ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ජලාශයේ ආරක්ෂාව සඳහා වාන් දොරටු දහයම විවෘත කළ බවත් මේ වනවට ඉන් තත්පරයට ගණ අඩි දාහක ජලධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැරෙන බව පොළොන්නරුව වාරි ඉංජිනේරු අංජන අබේසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේය.
‘
ඒ අනුව පහත් භූමිවල වාසය කරන ජනතාව අවදානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කර තිබේ.
අද (26) රාත්‍රිය වනවිට එම දොරටු දහය අඩි තුන බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බවද ඉංජිනේරුවරයා කීවේය.







