දිනසේන රතුගමගේ
වර්ෂාවත් සමගම ජලාශ වල සිටි දැවැන්ත කිඹුලන් යාපනයේ නිවාස වලට පැමිණීම නිසා මේ දිනවල යාපනයේ වැසියන්ට කිඹුල් බියක් ඇතිවී තිබේ.

මේ දින කීපය ඇතුළත යාපනයේ නිවාස හා ගෙවතු තුනකට කිඹුලන් හතර දෙනෙකු පැමිණ ඇත.
යාපනයේ කෝපායී ප්රදේශයේ නිවසක් තුළටම පැමිණ සිටි කිඹුලෙකු නිවසේ උදවියගේ නොදැණුවත්කම නිසා සම්පූර්ණ රැයක්ම එම නිවස තුළ නිවසේ වැසියන් සමග සිට ඇත.
කෝපායී පොලීසියේ නිලධාරීන් හා වන ජීවී නිලධාරීන් ගම්වාසීන්ගේද සහය ඇතිව එම කිඹුලා අල්ලාගෙන ගොස් වෙනත් ජලාශයටකට දමා තිබේ.
යාපනයේ උරුම්පිරායි වේලනෙයි කරවෙඩ්ඩි යන ප්රදේශ වල නිවෙස් වලටද වර්ෂා ජලයත් සමගම කිඹුලන් පැමිණ ඇත.
මේ තත්ත්වය මත යාපනයේ වැසියෝ මේ දිනවල දිවා රාත්රී දෙකෙහිම කිඹුලන්ට බියෙන් ජීවත් වෙති.







