ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් රජය කලින් දැරූ මතයට පටහැනිව කටයුතු කර ඇති බවට විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) චෝදනා කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ පසුගිය රජය විසින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව ඒ ගිවිසුම මත පිහිටා නව රජය ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල පිළිබඳ ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලිවම පෙනී යන බවයි.
“මම හිතන්නේ, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දුන්නේ පැවති ආණ්ඩුවේ IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොවේ,” ඔහු පැවසුවේ, විශේෂයෙන් IMF ගිවිසුම නැවත සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් රජය කලින් දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.
“රජය සූදානම් නම්, මහජනතාවට ගැලපෙන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අපගේ සහය ලබා දීමට අපි සූදානම්,” විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ජනතා කේන්ද්‍රීය බවට පත් කිරීම සඳහා සංශෝධනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිගැනීම ඇතිව ඉදිරියට යාම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වන ආචාර්ය හර්ෂ ද සිල්වාත් ඊයේ පැවසුවේ රජය ක්‍රියාත්මක කිරීමට යන්නේ තමන් ද සිදුවිය යුතු බවට යෝජනා කළ මුත් එවකට අනුර කුමාර දිසානායක විසින් ප්‍රතික්ෂේප කළ ප්රතිපත්තියම බව කීවේය.
ප්‍රතිපත්ති ප්රකාශනයේ දී රටේ විදෙස් ප්‍රතිපත්තිය හෙළි නොකිරීම ගැටලුවක් බවත්, එය එම අවස්ථවට එක වී සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ද ගැටලුවක් වු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය.







