ඉන්දියානු ධීවරයින්ගේ මුහුදු සීමා ආක්රමණයත්, එම ආක්‍රමණය හරහා සිදුන ධීවර කොල්ලයත් නතරවිය යුතු බවට වූ ස්ථාවරයේ ජාතික ජන බලවේග ආණ්ඩුව සිටින බවත් එම ස්ථාවරය මත පිහිටා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් පැවසුවේය.
මෙම ධීවර කොල්ලයට ශ්‍රී ලංකාවේ ධීවරයින් පමණක් නොව, තමිල්නාඩුවේ ධීවර ප්‍රජාවෙන් කොටසක් ද විරුද්ධ බව ධීවර අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“ඉන්දියානු ධීවරයින්ගේ පැමිණීම ගත්තට පස්සේ එකක කියන්න ඕන. ඉන්දියානු ධීවරයින් අපගේ මුහුදු සීමාවට පැමිණීම නවත්වන්න ඕන කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ අය නතර කරන්න ඕන. මේක අප පමණක් නොවේ, ඉන්දියාවේ ඉන්න ධීවරයින් පවා කියන එකක් තමයි ඒ අයගේ ට්‍රෝලර්වලින් ඉන්දියානු මුහුදු තීරයේ සහ ලංකාවේ මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතු කිරීමට විරෝධය පාන ධීවරයින් තමිල්නාඩුවෙත් ඉන්නවා.”
“එමනිසා අපි මෙන්න මේ ප්රශ්නයේ දී දැනටමත් ක්‍රියාමාර්ග ගණනාවක් අපේ නිලධාරීන් විසින් අරන් තියනවා. ඒ ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙනියනවා.”
“ඒ ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙනියනකොට මේවා නතරවෙයි කියන විශ්වාසය අපට තියනවා.”







