සූරියවැව නුවන් ජයසේකර –
හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සේවයේ නියුතු 28 හැවිරිදි අවිවාහක පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත එම කාර්යාලයේම 45 හැවිරිදි රියදුරෙකු හම්බන්තොට පොලිසිය විසින් ඊයේ 18 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ රියදුරෙකු ලෙස කටයුතු කරන යාය 15, යකාගල, අඟුණුකොලපෑලැස්ස ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන 28 හැවිරිදි අවිවාහක පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක විසින් හම්බන්තොට පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනයක දී මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර රියදුරා විසින් ජූලි මාසයෙන් පසු දිනක රාජකාරි ස්ථානයේදී තමන්ට ලිංගික අතවර කළ බවට පැමිණිල්ලේ දක්වා තිබේ. අත්අඩංගුවට පත් සැකකාර රියදුරා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







