කළුතර දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලයත් නිකුත් වී තිබේ. සියයට 79ක ප්රතිශතයක් මාලිමාවටය. මෙතෙක් ප්රකාශිත මුල් තැපැල් ඡන්ද ප්රතිඵල තුනෙන්ම ප්රකාශිත මුළු ඡන්ද ප්රමාණයෙන් සියයට 79ක් හිමි කරගන්නේ මාලිමාව වීම විශේෂය.
කළුතර දිස්ත්රික් ප්රකාශිත වලංගු මුළු තැපැල් ඡන්ද ප්රමාණය 36820කි. ඉන් 29,076ක් හිමි කරගන්නේ මාලිමාවය. සමගි ජන බලවේගයට ඡන්ද 3,340කි. ගෑස් සිලින්ඩරය ලබා ගන්නේ ඡන්ද 1,913ක් පමණි. පොහොට්ටුව 1,160කි.
කළුතර ලියාපදිංචි මුළු තැපැල් ඡන්ද ප්රමාණය 38,328කි. ඡන්ද 936ක් ප්රතික්ෂේප වී තිබේ.







