දිනසේන රතුගමගේ –
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනෙකු තෝරා පත් කර ගැනීම පිණිස ඡන්ද මධ්‍යස්ථාන 387 කදී ඡන්දය විමසීම පිණිස අවශ්‍ය නිලධාරීන් හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම වවුනියාව සෛවප්‍රකාශ විද්‍යාලයේදී 13 දා සිදුකෙරුණි.
වන්නි දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී පී. ඒ සරත් සරත්චන්ද්‍ර මහතා සදහන් කළේ මෙම ඡන්ද මධ්යස්ථානි වවුනියාවේ 152 ක් මුලතිව් 137 ක් හා මන්නාරමේ 98 ක් වශයෙන් ස්ථාපිත කොට ඇති බවයි.
රජයේ නිලධාරීන් 4995 ක් හා ආරක්ෂක අංශ නිලධාරීන් 3158 ක් මෙම මැතිවරණය සදහා රාජකාරී වල නිරත කොට සිටිති.








