බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් වුනේ මා නොවෙයි… යුක්තිය වෙනුවෙන් පෙනී සිටි ජනතාවයි… තමන්ව විනාශ කළ අයට එරෙහිව වෛද්‍ය සාෆිගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්!

by editor
නොවැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය.

අද මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය මොහොමඩ් සාෆ් ප්‍රකාශ කළේ අවුරුදු 5යි මාස 06ක් තිස්සේ හැකි තරම් දරුණු ලෙස තමන්ව පීඩාවට පත් කළ බවත් ඊයේ දිනයේ නිදහස් වූයේ තමන් නොව යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා බවය. පැමිණිලි සොයාගෙන ගියේ තමන්ව අත් අඩංගුවට ගෙන බව කි වෛද්‍ය සාෆි තමන්ට සහ තම දරුවන්ට එල්ල වුන පීඩනය ගැන සඳහන් කළේය. මෙවන් වරදක් යළි කිසිවෙකුටත් සිදු නොවීම සඳහා තමන්ට කළ යතු වැඩ කොටසක් ඇති බව කී වෛද්‍යවරයා තමන්ට එරෙහිව කටයුතු කළ සියලුම දෙනා වෙනුවෙන් තමන් පැමිණිල්ලක් දැමූ බව ප්‍රකාශ කළේය.

සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට චෝදනා කර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරන්නේ ඊයේ (06) දිනයේ දී ය.  වසර පහකටත් අධික කාලයක් තිස්සෙ ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනවලට උදෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති වෙත යොමු කර තිබුණු අතර ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට සාක්කි නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීවේය. නීතිපතිවරයා අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දුන්නේ ඔහුට එරෙහිව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු නොවන බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් වඳබාවයට පත් කළැයි සැක කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ කාන්තාවන්ගෙන් 130කට ආසන්න පිරිසකට නැවත දරුවන් පිළිසිඳගෙන ඇති බවය. එසේම පැලෝපීය නාල අවහිර කර ඇත්දැයි තහවුරු කර ගැනීමට අදාල පරීක්ෂණ සිදු කරවා ගැනීමට මව්වරුන් දෙදෙනක් අවස්ථා දෙකකදී ඉදිරිපත් වූහ. එම පරීක්ෂණවලට අනුව ඔවුන් දෙදෙනාගේ පැලෝපීය නාල අවහිර වී නැතැයි අනාවරණය විය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි 2019 මැයි මස 24 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඔහු වැඩිදුර විමර්ශන සඳහා එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නේය.

ඒ අනුව මාසයක පමණ කාලයක් ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගනිමින් විමර්ශනය කළේය. එලෙස විමර්ශනය කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නේ වෛද්‍ය සාෆිට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති හෙයින් ඔහු එම චෝදනාවලින් මුදා හැර දණ්ඩ නීති සංග්‍රහය යටතේවන වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන බවය

මෙම විමර්ශනය සිදු කරද්දී ඊට බාධා කරමින් තර්ජනය කළ බවට අතුරලියේ රතන හිමිට සහ කුරුණෑගල රෝහලේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂ කැඳන්ගමුවට එරෙහිව මීට පෙර පැමිණිලි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේත් සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා ඇතුළු නිලධාරීනුත් කටයුතු කර තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය දේශපාලනයේ හුරතලුන් වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  ඉහළ නිලධාරීන් කීප දෙනෙක් ඇමතිව අන්දලා ජනාධිපතිට ඇන්නුවා… පාස්පෝට් අවුල ගැන ආගමන විගමන නිලධාරින්ගේ සංගමය කියයි!

Next Post

හදිසියේ කෝටිපතියන් වු උතුරේ තුන් දෙනෙකුගේ සංගීත කණ්ඩායමක් අත් අඩංගුවට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.