බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය සේවා ඉතිහාසයේ වැඩිම අල්ලස් මුදල ගත් රේගු නිලධාරීන් 04 දෙනා අවුරුදු 35 බැගින් බරපතල වැඩ ඇතිව හිරේට!

by editor
නොවැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ රජයේ සේවකයෙක් මෙතෙක් ලබා ගත් වැඩිම අල්ලස් මුදල ලෙස සැලකෙන කෝටි දොලහා හමාරක අල්ලස ලබා ගත් රේගු දෙපාර්තමේන්තුවේ චූදිතයන් හතර දෙනාට අද (06) කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව වසර තිස් පහ බැගින් සිරදඬුවම් නියම කළේය.

ජාතික ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ආනයනය කළ වාහන අමතරකොටස් සහිත කන්ටේනර් කිහිපයක් මුදා හැරීමට රුපියල් පහළොස් කෝටියක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි 12.5ක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් මෙසේ දණ්ඩනයට ලක් වන්නේ මල්දෙණියේ දොන් උපාලි ගුණරත්න පෙරේරා, හේවා රාජගේ වසන්ත විමලවීර, උපාලි සෙනරත් වික්‍රමසිංහ, හා සුධීර පරාක්‍රම ජිනදාස යන හිටපු රේගු නිලධාරීන්ය. තවත් එක් චූදිත නිලධාරියෙක් වරදකරු ලෙස ප්‍රකාශවුවත් මේ වනවිට ඔහු ජීවතුන් අතර නැති බව අධිකරණයේ දී කියැවිනි. ජීවතුන් අතර නැති වැරදිකරුවා වුයේ ජගත් ගුණතිලක නැමැති නිලධාරියෙකි.

වර්ෂ 2015 දී සිදුවූ මෙම දැවැන්ත අල්ලස් මුදල ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ කුමන්ත්‍රණය සඳහා අනුබල දීම,  කෝටි 15ක අල්ලසක් ඉල්ලීම, ඉන් කෝටි 12.5ක් අල්ලසක් ලෙස ලබා ගැනීම ඇතුළු චෝදනා රැසකට වරදකරුවන් කරනු ලැබූ මෙම රේගු නිලධාරීන් සිවු දෙනාට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේය. තීන්දුව ප්‍රකාශ කරමින් අල්ලස් ලෙස ලබා ගත් කෝටි 12.5 චූදිතයන් සිවු දෙනාගෙන් වෙන වෙනම දඩයක් ලෙස අය කරගැනීමත් නියෝග කළ විනිසුරුවරයා අල්ලස් පනතේ 26 වැනි වගන්තිය යටතේ අධිකරණය නියම කළ මුදල නොගෙවන්නේ නම් අමතර වසර දෙක බැගින් වූ ලිහිල් සිරදඬුවම් ලබා දීමට ද නියම කළේය.

තවද ඊට අමතරව මෙම නඩුවේ පළමු විත්තිකරුට රුපියල් 27,000 දඩයක් ද, සෙසු විත්තිකරුවන් තිදෙනාට රුපියල් 25,000 බැගින් වූ දඩ මුදල් ද ගෙවීමට නියෝග කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතර මාස 15 බැගින් සිරදඬුවම් ලබා දීමට ද නියෝග කර තිබිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරවරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේ පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සියල්ලටම විත්තිකරුවන් වැරදිකරුවන් බව තම අධිකරණය නිගමනය කර ඇති බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කරුණු දක්වමින් අධිකරණයේ දී මෙසේ ප්‍රකාශ කළේය. “ස්වාමීනි. මේ විත්තිකරුවන් සිවු දෙනාත් මේ වනවිට මිය ගොස් සිටින විත්තිකරුත් රේගු සේවයේ සිටි පළපුරුදු නිලධාරීන්. පළමු විත්තිකරු මේ චෝදනාවට අත් අඩංගුවට පත්වන විට ඔහුගේ සේවා කාලය අවුරුදු 31ක්. අනෙක් විත්තිකරුවන් තිදෙනා සේවා කාලය අවුරුදු 27ක් හා 29ක් සපුරා තිබුණු අය. ”

“ලංකා ගමනාගමන මණ්ඩලය සහ ඉන්දියානු සමාගමක් ඇතිකරගත් ගිවිසුමක් අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබා දීම සඳහා ආනයනය කළ එකි වාහන අමතර කොටස් සියලු බදු ගෙවීම්වලින් නිදහස් කර තිබුණා. එසේ දැනුම්වත්ව තිබියදීත් බදු නොගෙවා ගෙන්වූ වාහන අමතර කොටස් වෙළෙඳ පොළට වැඩි මිලට අලෙවි කළේ යැයි කියන පදනම මත මේ සම්බන්ධව රේගු විමර්ශනයක් ආරම්භ කර තිබුණා.”

ඇල්ලුවොත් ආණ්ඩුවෙන් තෑගි ඇල්ලුවේ නැතිනම් අල්ලස්…

” ඔවුන් පැහැදිලිවම ඔවුන් සතුව තිබූ රාජකාරි බලතල හිතාමතාම අවභාවිතා කරලා. ඔවුන් මේ ආනයනය සිදුකළ සමාගමට ඒ කියන්නේ පැමිණිලි පාර්ශවයට කියා තිබුණා මේ පිළිබඳව පැමිණිලි කළොත් රජෙයෙන් මිලියන 300ක තෑගි මුදලක් ලබා ගන්න පුලුවන්. ඒ නිසා මිලියන 150ක් ලබා දුන්නොත් විමර්ශනය නවත්වන්න පුලුවන් කියලා.”

“මේ නිලධාරින් මුදල් නැති අය නෙමෙයි. ඔවුන් ඉහළ වැටුපක් සහ අති විශාල දිමනාවක් ලබනවා. මුදලට තියන කෑදරකමට මේ දූෂණ අපරාධ කරන්නේ. ඒ අයට ඇල්ලුවොත් රජයෙන් තෑගි. ඇල්ලුවෙ නැතිනම් පගා. හෘදය සාක්ෂියක් නැති මෙවැනි නිලධාරීන්ට ලබා දිය හැකි ඉහළම දඬුවම් ලබා දිය යුතුයි. මේක තමයි රජයේ නිලධාරියෙක් අල්ලස් මුදලක් ලෙස ලබා ගත් වැඩිම මුදල.” පැමිණිල්ල කීවේය.

විත්තියේ නිතිඥවරුන් පෙන්වා දුන්නේ තම සේවා දායකයින් වයස අවුරුද 60 -69 වයස්වල පසුවන සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් දුර්වල පුද්ගලයින් බැවින් ඔවුන්ගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බලා ලිහිල් දඬුවම් ලබා දෙන ලෙසය. ඔවුන්ට පෙර වැරදි නොමැති බවත් නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ පෙර වැරදි නොමැති වීම, වයස, දරුවන් සිටීම වැනි කාරණා දඬුවමක් ලිහිල් කිරීමට සාධක නොවන ආකාරය ඉහළ අධිකරණවලින් ලබා දුන් තීන්දුවලින් පැහැදිලිවන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ අඩු ආදායම් ලාභීන්ට නිවාස 1196ක් චීනයෙන් තෑගි දෙයි… 108ක් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයට…

Next Post

කමලා හැරිස් විසිවෙයි… යළිත් ඇමරිකානු ජනපති ට්‍රම්ප්..

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.