-
අපේ ව්‍යාපාර වැටුනේ ආණ්ඩුව ගත්තු තීන්දු නිසා… පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුව එක්කත් කතා කළා… දෙසැම්බර් 15 යළි පරාටේ නීතිය ක්‍රියාත්මක කළොත් තව සිය ගාණකගේ ජීවිත අහිමි වේවි… දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය පවසයි…
පැවති බංකොලොත් ආර්ථික තත්ත්වය තුළ ව්‍යාපාර ඇද වැටුන අවස්ථාවේ බැංකු පද්ධතිය “පරාටේ නීතිය ” ක්‍රියාත්මක කිරීමත් සමග සිය ව්‍යාපාර සහ දේපල අහිමිවී තමන් මත පතිත වුන ආර්ථික පීඩනය දරාගත නොහැකි වූ සුලු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් 127ක් ඉකුත් වසරේ මුල් කාර්තුව වනවිට සිය දිවි නසාගත් බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිංහ හෙළි කරයි.
ව්‍යාපාරික ස්ථාන සහ ජීවත්ව නිවස පවා පරාටේ නීතිය යටතේ වෙන්දේසි කළ විශාල පිරිසක් මේ වනවිට දැඩි පීඩනයකින් ජිවත්වන බවත්, ලබන දෙසැම්බර් 15 වැනිදා වනවිට දැනට අත්හිටුවා ඇති නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු තව කීදෙනෙකු ගේ ජීවිත අවදානමකට ලක්වනු ඇතිදැයි කිව නොහැකි බවත් පෙන්වා දෙන සභාපතිවරයා කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම නොව, සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ගේ කර්මාන්ත වැඩි දියුණු කරගෙන ස්ථාවර කරගැනීම සඳහා රට තුළ වැඩපිළිවෙළක් සකස් කිරීම බව පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය තුළ රට තුළ විශාල ආර්ථික බලයක් ඉපදවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධායේ සභාපති චම්ලි කුමාරසිංහ පවසන්නේ මෙවැන්නකි. “පැවති රජයන් සම්බන්ධයෙන් කතා කිරීමේ දී, සහනයක් ලැබුණේ නෑ කියන එක තමා කියන්න ඕනේ. පරාටේ නීතිය යටතේ දේපොළ වෙන්දේසි කළ අපේ 127 දෙනෙකුට ආසන්න පිරිසක් පහුගිය අවුරුද්දේ මුල් කාලය වෙද්දි සියදිවි හානිකරගෙන තියෙනවා. එතකොට අපිට පරාටේ නීතිය යටතේ, දේපොළ වෙන්දේසියට ලක්වූ සියලුදෙනාටම බැංකුවලින් සහනයක් ලැබුණේ නෑ. අපිට දුන් සහනය තමා සහන කාලය. ඒක ඇත්තටම පොලිය උගුලක්. ”
වර්තමාන රජය සමග අපි යම් සාකච්ඡාවක් කළා. පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවා තියෙනවා. එය ඉන් පසුව බලාත්මක වෙනවා. එතකොට සියදිවි හානිකරගත් 127 දෙසීයක් තුන්සීයක් දක්වා වැඩිවෙයි. පරාටේ නීතිය නතර කළ සැනින් ව්‍යවසායකයාට ගොඩඒමක් නෑ… ව්‍යවසායකයාට ගොඩ එන්න ව්‍යාපාර ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රට තුළ නෑ.”







