බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම පහන් පත්තු කළා… මාලිමාව නිවන් දකින්න යනවා… රජයේ සේවක පඩි වැඩි කරන්නේ නැතිනම් මාලිමාවට ඡන්දය දෙන්න එපා… රනිල් නුවරදී කියයි!

by editor
ඔක්තෝබර් 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • අනුර කුමාර කවුද පාර්ලිමේන්තුව සුද්ද කරන්න… පසුගිය පාර්ලිමේන්තුව දූෂිත නෑ කියල රටේ 58%ක් පිළි ගත්තා…  හොරු අල්ලන ක්‍රමවේදය ඇති කළේ අපි.

  • අපි දැම්ම මිල සූත්‍රය අනුව යුද්ධ නොතිබුණා නම් තෙල් මිල මේ වසර අවසානය තෙක්ම අඩු වෙන්න පුළුවන්. විදුලි බිලත් අඩු වෙනවා. මේක අපි ගෙනාපු මිල සූත්‍රය. මම පහන් පත්තු කළා. එයලා නිවන් දකින්න හදනවා.

  • උදය සෙනවිරත්න වාර්තාව අනුව ජනවාරියේ රජයේ සේවක පඩි වැඩි විය යුතුයි. උදය සෙනෙවිරත්න වාර්තාව මේ අය පිළිගන්නේ නැත්නම් මාලිමාවට ඡන්දය දෙන්න එපා කියලා මම රජයේ සේවකයින්ට කියනවා.

පසුගිය පාර්ලිමේන්තුව දූෂිත බවට මාලිමාව ප්‍රකාශ කළත් මේ රටේ 58% ක ජනතාව එය පිළිගෙන නැතැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

තමන් කැමැති අය පාර්ලිමේන්තුවට පත්කර එවීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම මාලිමාවේ කාර්යභාරයක් නොවන බවත් ඔහු කියයි. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින්ට සහය දක්වමින් මහනුවර කරළිය සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ජනහමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසුව්ය.

ජනපති ධූරය බාර ගත්තට පස්සේ පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා මට උදව් කළා. වර්තමානයේ මේ රටේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ආණ්ඩුව නිසා නොව මාධ්‍ය නිසා කියලා අනුර කුමාර දිසානායක ජනපතිවරයා පැවසුවා. පරණ ඇබ්බැහිකම් අත්හැර ගන්න බැරි මාධ්‍ය කිහිපයක් රටේ තිබෙන බවත් කුණු ඇදුම් වීසිකර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇදුම් ඇඳ ගන්න කියලා එයාලට කියන බවත් ජනපතිවරයා පැවසුවා. තමන් ගේ කුණු ඇදුම් අයින් කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇදුම් ඇඳගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණයි.

විජිත හේරත් කිව්වා මුදල් අච්චු ගැහුවේ නැහැ කියලා. ඒත් මහ බැංකුව කිව්වා ද්‍රවශීලිතාව ලබා ගන්න මුදල් අච්චු ගැහුවා කියලා. බත්තරමුල්ලේ ශීලරත්න හිමිත් දන්නවා ද්‍රවශීලිතාව ගැන. ආණ්ඩුවේ ඉන්න තුන්දෙනා දන්නේ නැහැමොකක්ද ද්‍රවශීලිතාව කියන්නේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇදුම් ඇඳ ගත්තට තාම මේ අයට ඒක ෆිට් වෙන්නේ නැහැ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

දැන් තර්ජනය කරනවා. පාර්ලිමේන්තුව පිරිසිදු කරනවාලු. තමන් කොහොමද ඒක කරන්නේ. ඡන්ද තියෙන්නේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරන්නයි. ජනතාවට කැමැති අය තෝරන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදි රාමුවේ හිටපු නැති අය මේක දන්නේ නැහැ. පාර්ලිමේන්තුව දූෂිතයි කියලා ජනපතිවරයා පැවසුවත් මේ රටේ 58 % ක් ජනතාව එය සත්‍යයක් නොවන බව ඡන්දයෙන් ප්‍රකාශ කර තිබෙනවා. බහුතරය කියන දේ පිළිගන්න. තමන් කැමැති අය තෝරන්න ජනතාවට අවස්ථාව දිය යුතුයි. දූෂිත අය ඉන්නවා නම් ජනතාව ඉවත් කරයි.

දූෂණය නැති කරන්න ජනපතිවරයා කතා කරනවා. දූෂණ විරෝධී පනත ඉදිරිපත් කළේ මම ජනපති වුනාට පසුවයි. ඒ නීතියෙන් විතරක් මේක කරන්න බැහැ. ඒකටත් මේ අය බොරු කරනවා. දෙවන නීතියත් ලෙස අපරාධ වලින් උපයාගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත අපි ඉදිරිපත් කළා. මම හිටියානම් ඒකත් අනුමත කරලයි පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ. අනුර කුමාර දිසානායක ඒක කළේ නැහැ. අපි සම්පූර්ණයෙන්ම දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යයා පත්‍රයක් ඇති කරලා තියෙනවා.ඒක මම හැදුව එකක් නෙවෙයි. ජත්‍යන්තර මූල්‍ය අරමුදල හදලා දුන්න එකක්. මේ යටතේ දූෂණ විරෝධ පනත බලාත්මක කිරීම, ජාතික විගණන පනත සංශෝධනය කිරිම, රාජ්‍ය ප්‍රසම්පාදන විනිවිදභාවය ඇතුළු පියවර 15 ක් 20 ක් තියෙනවා. මේවා ක්‍රියාත්මක නොකර හොරු අල්ලන්න බැහැ. ජනපති ඇතුළු මාලිමාව නිකන් සටන් පාඨ කියනවා විතරයි. හොරු අල්ලන ක්‍රමවේදය ඇති කළේ අපි. එහි දෙවන පියවර කරන්න කියලා මම ජනපතිවරයාට කියනවා.

මාලිමාව ආවට පස්සේ විදුලි බිල, තෙල් මිල අඩු කළාලු. අපි දැම්ම මිල සූත්‍රය අනුව යුද්ධ නොතිබුණා නම් තෙල් මිල මේ වසර අවසානය තෙක්ම අඩු වෙන්න පුළුවන්. විදුලි බිලත් අඩු වෙනවා. මේක අපි ගෙනාපු මිල සූත්‍රය. ඒකට මාලිමාව විරුද්ධ වුණා. මම පහන් පත්තු කළා. එයලා නිවන් දකින්න හදනවා. මම එනකොට මිනිස්සුන්ට කන්න හාල් තිබුනේ නැහැ. අපි පොහොර ලබා දුන්නා. ගොවීන් යල මහ දෙකම වගාකරලා අස්වැන්න දුන්නා. ජනාධිපති කියනවා පසුගිය කාලයේ කීරි සම්බා නාඩු වලට වඩා වගා කරලාලු. අපිට පුළුවනන් ද ලියද්දෙන් ලියද්ද ගිහින් මේක වගා කරන්න කියලා ගොවීන්ට කියන්න. කරන්න පුළුවන් දෙයක්ද මේ අය කියන්නේ. කමතේ සිට කුස්සියට හාල් විවෘත වෙළෙඳ පොළ ක්‍රමයට ගේනවා. මිල වැඩි වුණොත් පිටින් හරි ගෙනත් දෙනවා.
රජයේ ගබඩාවක වී ඇටයක් නෑලු. හරි ඒක තියෙන්නේ කුස්සියේ. මම මොකටද වී ඇට තියාගන්නේ මගේ යටතේ. මහ කන්නයේ දී ගබඩා පුරවලා වී ගන්නවාලු. මම මත්තල ගබඩා පිරෙව්වම මේ අය දොස් කිව්වා. පුද්ගලික වී මෝල් නැති කරලා ආණ්ඩුව විතරක් වී මිලට අරන් වැඩ කරන්න පුළුවන්ද ?. එන කන්නයේ ගොවීන්ට වී අළෙවි කරන්න දෙන්න නොදී ඔක්කොම ආණ්ඩුවට ගන්නවා කියන එක හැම කෙනාටම කියන්න. ඒක කියලා ගෑස් එකට ඡන්දේ දෙන්න කියන්න. සියලු වී ආණ්ඩුවෙන් මිලට ගෙන සමූපාකාර හා සතොස මගින් විකුණනවලු. එතකොට වෙනදේ දන්වනා නේ.

මේ අය උදය සෙනෙවිරත්න වාර්තාවක් නැහැ, ඒක බොරු කියනවා. ඒ නිලධාරීන්ගේ අත්සන මම හොරට දැම්මද කියලා මම අහනවා. අගමැතිනිය බොරුවක් කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕන. භාණ්ඩාගාරයේ නිලධාරින් කැඳවලා අහන්න මේ වාර්තාවේ අත්සන් බොරු ඒවද ඇත්ත ඒවද කියලා.

ලබන වසරේ රජයේ සේවකවයින්ට රුපියල් 10000 ක් දෙන්න මම මුදල් වෙන් කළා. ජනවාරි මේක දෙන්න ලෑස්තිද නැද්ද කියලා ජනපති අගමැති රටට කියන්න ඕන. උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා කියන්න. ජනාධිපති අගමැති, ඇමැති තුන් දෙනාම කිව්වා මේක බොරුවක් කියලා. බොරුවක් කිව්වට වැඩක් නැහැ ඒක ඔප්පු කරන්න ඕන. උදය සෙනෙවිරත්න වාර්තාව මේ අය පිළිගන්නේ නැත්නම් මාලිමාවට ඡන්දය දෙන්න එපා කියලා මම රජයේ සේවකයින්ට කියනවා.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2020 කුජීත වෙන්න පැරදිලා ඉද්දි එෆ්.බී. එකේ පළවුන මාතර පොලේ වඩේ බදින හඳුන්ගේ ෆොටෝ එක හඳුන්ලව ගෙනාපු දුර…

Next Post

නිතිය අවලමේ යැවූ සමාජයක බිහිසුණු කතාව හෙළිකරන දේශපාලන කුපාඩින්ගේ අවජාතක වාහන!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.