මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි මුලු ඡන්ද දායක ප්‍රමාණය වූ එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර (1,71,40,354) සඳහා සමස්ථ ඡන්ද මධ්‍යස්ථාන 13421ක් පිහිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව වැඩිම ඡන්ද දායකයින් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් දහ අට ලක්ෂ අසූ එක් දහස් එකසිය විසි නව දෙනෙක් (18,81,129) වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1212ක් පිහිටුවීමට නියමිතය.
කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව දාහත් ලක්ෂ හැට පන් දහස් තුන්සිය පනස් නවය ( 17,65,359)කි. එම ඡන්ද දායකයින් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1204ක් පිහිටුවනු ඇත.
ලියපදිංචි ඡන්ද දායකයින් දස ලක්ෂ විසි හතර දහස් දෙසීය හතලිස් හතර දෙනෙක් (10,24,244)ක් සහිත කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 735ක් ද පිහිටුවනු ඇත.
මැතිවරණ කොමිසම පවසන්නේ අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සහිත මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 108ක් පිහිටුවන බවය. මන්නාරම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව අනූ දහස් හයසිය හත ( 90,607)කි.







