සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව අවුරුදු 25යි… අපට ඉතිරි වන්නේ බොන්න වතුර ටිකක් නැති ලෝකයක්…. ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසමේ වාර්තාව හෙළිදරවු කරයි…

by editor
ඔක්තෝබර් 28, 2024
in පුවත්
Water
Share on FacebookShare on Twitter

ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගෙන අපේ මිරිදිය ජලය රඳා පවතින පරිසර පද්ධති විනාශය අවසන් නොකළහොත් ඉදිරි වසර 25 තුළ ශීඝ්‍රයෙන් උග්‍ර වන ජල අර්බුදයක් පෘතුවිය ග්‍රහණය කර ගන්නා බව බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසමේ වාර්තාව අවධාරණය කරයි.

ඒ අනුව ඉදිරි වසර 25 තුළ ලෝකයේ ආහාර නිෂ්පාදනයෙන් අඩකට වඩා අසාර්ථක වීමේ අවදානමකට ලක් වනු ඇති බව මෙම වාර්තාව සම්පාදනය කළ විශේෂඥයින් වැදගත් සමාලෝචනයකින් පසු අනතුරු අඟවා ඇත.

ගෝලීය ජල විද්‍යා පද්ධතිවල තත්ත්වය සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල් දැක්මක් සැකසීම සඳහා ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් සහ ආර්ථික විද්‍යාඥයින් දුසිම් ගණනකගේ කැපවීම මත පදනම්ව 2022 දී නෙදර්ලන්තය විසින් ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසම පිහිටුවනු ලැබුවේය.

එහි පිටු 194 කින් යුත් මෙම වාර්තාව ජල අර්බුදයේ සියලු අංශ පරීක්ෂා කර ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා පිළියම් යෝජනා කරන විශාලතම ගෝලීය අධ්‍යයනයයි.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

මෙම ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසමේ වාර්තාව පුරෝකථනය කරන්නේ ලෝක ජනගහනයෙන් අඩක් දැනටමත් ජල හිඟයට මුහුණ දී සිටින බැවින් දේශගුණික අර්බුදය නරක අතට හැරෙන විට එම සංඛ්‍යාව ඉහළ යනු ඇති බවය.

“ලෝකයේ ජල පද්ධති “පෙර නොවූ විරූ ආතතියකට” ලක්ව ඇති නිසා, මිරිදිය සඳහා ඇති ඉල්ලුම මේ දශකය අවසන් වන විට සැපයුමට වඩා 40% ක් ඉක්මවා යනු ඇත.” එම කොමිෂන් සභා වාර්තාව කියයි.

මිනිසුන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය රජයන් සහ විශේෂඥයන් විශාල ලෙස අවතක්සේරු කර ඇති බව කොමිසම සොයා ගෙන තිබේ. එක් එක් පුද්ගලයාගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සඳහා දිනකට ලීටර් 50 සිට 100 දක්වා අවශ්‍ය වන අතර, ඇත්ත වශයෙන්ම මිනිසුන්ට ප්‍රමාණවත් පෝෂණයක් සහ ගෞරවනීය ජීවිතයක් ලබා ගැනීම සඳහා දිනකට ලීටර් 4,000 ක් පමණ අවශ්‍ය වන බවත් බොහෝ කලාප සඳහා, එම පරිමාව දේශීයව සාක්ෂාත් කර ගත නොහැකි බවත් කොමිසම කියයි.

එම ‍ කොමිසමේ සම සභාපති සිංගප්පූරු ජාතික විශේෂඥ තර්මන් ෂන්මුගරත්නම් පෙන්වා දෙන්නේ ප්‍රමාද වීමට පෙර රටවල් ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවය.

“අපි මිරිදිය ප්‍රභවයන් සංරක්ෂණය කරන්නේ කෙසේද, එය වඩා කාර්යක්ෂමව භාවිතා කරන්නේ කෙසේද සහ ඇතුළුව සෑම ප්‍රජාවකටම මිරිදිය සඳහා ප්‍රවේශය ලබා ගැනීමට අපට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳව අපි රැඩිකල් ලෙස සිතිය යුතුයි. අවදානමට ලක්විය හැකි අය – වෙනත් වචන වලින් කිවහොත්, පොහොසතුන් සහ දුප්පතුන් අතර මානුෂීය සමානාත්මතාවය ආරක්ෂා කරන්නේ කෙසේද, යන්න ගැන ලෝකය අලුතින් කල්පනා කළ යුතුයි”.. ෂන්මුගරත්නම් පැවසීය. – The Guardian

සම්පූර්ණ ලිපිය මෙම දිගුවෙන් කියවන්න…
https://www.theguardian.com/environment/2024/oct/16/global-water-crisis-food-production-at-risk?CMP=Share_AndroidApp_Other

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොම්පඤ්ඤවීදියේ දී කෝච්චියක් පීලි පැන්න හැටි… ( වීඩියෝ සහිතයි)

Next Post

වැරදියට ගන්න එපා… ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් ප්‍රකාශ කළේ නෑ… ජුලී කියයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.