ලලිත් චාමින්ද –
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස මෙම මැතිවරණයේ දි ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා පත්කිරිමට නියමිතව ඇති බැව් ජාතික ජනබලවේගයේ විධායක සභික රත්න ගමගේ පවසයි.
උප සභාපතිවරයා පත්කිරිම පිළිබද ජාතික ජනබලවේගය විසින් තවම තින්දුවක් ගෙන නොමැති බවද රත්න ගමගේ මහතා මෙහිදි පැවසිය.
නිශාන්ත පෙරේරා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකි. ඔහු ජාතික ජනබලවේගයේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වේ. විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ ඉතිරි මන්ත්‍රීවරුන් 14 දෙනාම නවකයින් වීමය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා නිශාන්ත පෙරේරා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරණු ලබයි.
මෙහිදි මේ පිළිබඳව අදහස් දක්වමින් රත්න ගමගේ තවදුරටත් මෙසේද කිවේය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනාධිපතිධුරයට පත්විමෙන් පසු පළමුවැනි මැතිවරණය තමයි ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය. මෙම මැතිවරණයේ ප්‍රථිපල අනුව රජය ගෙනයන වැඩපිළිවෙළ ජනතාව අනුමත කරලා තියෙනවා.
ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේ දි ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් ඇල්පිටිය ප්‍ර දේශිය සභා මැතිවරණයේ දි ලබාගෙන තියෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි ජාතික ජනබලවේගය මිටත් වඩා ඉහළ ඡන්ද ප්‍රතිඵළයක් ලබාගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගන්නවා.
ඇල්පිටිය ඡන්දය ඉතා සාමකාමියි. ජනතාව ඉතා සාමකාමිව ඡන්දය ප්‍රකාශ කළා. බහුතර බලයක් ජාතික ජනබලවේගය සතුවනවිට මැතිවරණය සාමකාමියි.
ඇල්පිටිය ප්‍රා දේශිය සභාවේ ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා මෙසේ කිවේය.
ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු ලංකාවේ පළමු ප්‍රාදේශිය සභාවේ බලය හිමිකරගැනිමට හැකිවුනා. ඉදිරියේ දී ඇල්පිටිය ප්‍රාදේශිය සභාව හොඳම ප්‍රාදේශිය සභාව බවට අපි පත්කරනවා.
අපි සාමුහිකව එකමුතුකමෙන් තමයි මෙම ජයග්‍රහණය ලබාගත්තේ. පවුල්බලය, ධනබලය, නිල බලය ඇල්පිටියේ ජනතාව පරාජයට පත්කළා.”
නිශාන්ත පෙරේරා සඳහන් කළේය.







