බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රවී සෙනවිතරන්ත – ශානි අබේසේකර පාස්කු අපරාධකරුවො දෙන්නෙක්… ඔවුන්ට විමර්ශන භාර දීම හොරාගෙ අම්මගෙන් නෙමයි හොරාගෙන් පේන අහනවා වගේ වැඩක්… ගම්මන්පිල කියයි!

by editor
ඔක්තෝබර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න සහ දැනට පාසකු විමර්ශනය භාරව කටයුතු කිරීමට කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිටවූ හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරත් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සපරාධී තොරතුරු වසන් කිරීමේ වරදට අපරාධමය චෝදනා යටතේ දඬුවම් ලැබිය යුතු අපරාධකරුවන් දෙදෙනෙක් බව උදය ගම්මන්පිල අද (21) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පොලිසිය සහ ආරක්ෂක අංශ නිසි ලෙස හැසිරී ඇති දැයි සෙවීමට හිටපු ජනාධිපතිවරයා විසින් පත් කළ විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ.ඒ ද අල්විස් විමර්ශන කමිටු වාර්තාවෙන් මෙම නිර්දේශ ලැබී ඇති බවත් ගමන්පිල පැවසුවේය.

ඔහු පවසන්නේ සහරාන් සහ ඔහුගේ කල්ලිය සම්බන්දව 2014 සිට සියලුම තොරතුරු දන්නා රවී සෙනවිතරත්න වෙත පාස්කු ප්‍රහාරය ගැන සියලුම තොරතුරු සහිතව ලැබුණ වාර්තාව දින 12ක් තිස්සේ විවෘත කර නොබලා මේසයක් මත තිබෙන්නට අත් හැරි බවත්, ඔහු මෙම වාර්තාව නොබලා පාස්කු ප්‍රහාරය සිද්ධ වූ පසු එය පසු සටහන් දමා ලිපි ගොනුවලට ඇතුළු කළ බවට සාධාරණ සැකයක් ඇති වන බවය. පාස්කු ප්‍රහාර විමර්ශන රවී සෙනවිරත්නට සහ ශානි අබේසේකරට ලබා දීම හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීමක් බව ගම්න්පිල කීවේය.

එමෙන්ම තමන් ප්‍රසිද්ධ කරන තුරු මෙම වාර්තාව මෙතෙක් ජනතාවට ප්‍රසිද්ධ නොකිරීම සම්බන්ධව කාදිනල් තුමන් ද වගකිව යුතු බව කී උදය ගම්මන්පිල තමන්ට අකමැති දේ කියන විට ඊට අකුල් හෙලීමට කාදිනල් තුමන්ට නොහැකි බව නීතිය දන්නා පුද්ගලයෙක් ලෙස තමන් අවධාරණය කරන බවත් ගම්මන්පිල පැවසුවේය.

ඔහු මාධ්‍ය හමුවේ දී මෙසේ පැවසුවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“2019 දි සිරිසේන ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය ජනක් ද සිල්වා ප්‍රමුඛ ජනාධිපති කොමිසමක් පත් කළා. වාර්තාව 2021 ජනවාරි මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට භාර දුන්නා. ඒ වාර්තාවෙන් කොටසක් ප්‍රසිද්ධ නොකරන්න කොමිෂන් සභාව නිර්දේශ කරලා තිබුණා වාර්තාවේ එම කොටස ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. ඒ කොටසත් රදගුරු සභාවේ සභාපති ධූරය දැරූ හැරලඩ් ඇන්තනි පියතුමාට භාර දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිශීලනය කරන්න පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබ්බා.”

“මම අද කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා විසින් පත් කරලා මැතිවරණය කිට්ටුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාට භාර දුන්න මෙතෙක් ප්‍රසිද්ධ නොකළ ජනාධිපති තුමා හිතා මතා ප්‍රසිද්ධ කිරීමට පැකිලෙමින් සිටින කමිටු වාර්තා දෙක ගැනයි.””

” මේ තියෙන්නේ පළවෙනි කමිටු වාර්තාව. ඒ කියන්නේ විශ්‍රාමික විනිසුරු එස්.අයි ඉමාම් කමිටු වාර්තාව. එම වාර්තාව 2024 ජූලි 25 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දුන්නා. මේ වාර්තාවේ විෂය පථය චැනල් ෆෝ නාලිකාව එල්ල කරන ලද චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම.

අනෙක් වාර්තාව විශ්‍රමික විනිසුරු ඒ.එන්.ජේ.ඒ ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශන කමිටු වාර්තාව. එම වාර්තාවෙ විෂය පථය වන්නේ පාස්කු ප්‍රහාරයේ දි පොලිසියෙන් හෝ බුද්ධි අංශවලින් යම් අතපසු වීමක් වැරැද්දක් වෙලා තියනව ද කියලා විමර්ශනය කිරීම.

2024 සැප්තැම්බර් 14 වැනිදා, ඒ කියන්නේ වත්මන් ජනාධිපතිවරයා පත් වෙන්න හරියටම සතියකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දුන්නා.

ආණ්ඩුව වාර්තාව සඟවන්නේ ඇයි

දැන් මේ වාර්තා සඟවා තබන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව කටයුතු කරන්නේ ඇයි. අන්න ඒකට උත්තරේ මේ ඒ.එන්.ජේ.ඒ ද අල්විස් කමිටු වාර්තාවෙ තියනවා.

මේ වාර්තාවේ 40 වැනි පිටුවෙ මෙහෙම කියනවා.

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 09 වැනිදා මොහොමඩ් සහරාන් ඇතුළු ජාතික කව්හිද් ජමාද් ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කීපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බව විදේශීය බුද්ධි අංශයකින් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා.

කවුද මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහත්මයා.

මේ ලිපියෙ ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තවාදීන්ගේ නම්,  ජාතික හැඳුනුම්පත් අංක, දුරකථන අංක, ලිපිනයන්, සාමාන්‍යයෙන් ගැවසෙන තැන්, ඇසුරු කරන අය, රෑට රෑට යන එන තැන්, යන වෙලාව සහ එන වෙලාව, සඳහන් කරලා තියනවා. එතරම් විස්තරාත්මක වාර්තාවක්.

මේ වාර්තාව පිළිබඳව කොමිෂන් සභා වාර්තාවේ රවී සෙනවිරත්න මහත්මයාට බරපතල චෝදනා ලබන නිසාම එතුමාගේ පැත්තේන් නිර්දෝෂී භාවයට කියන්න තියන කරුණු මොනවද බලන්න යනකොට එතුමා තමන්ව පොලිසිය අත් අඩංගුවට ගන්න යනවාය, අනේ එහෙම කරන්න එපාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙ ගොනු කරපු මූලික අයිතිවාසිකම් නඩු අංක 241/2024 නඩු ගොනුවත් මම සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කළ බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.

අප්‍රේල් 09 මේ ලිපිය එන විට රවී සෙනවිතරන් විදේශගත වෙලා. නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ 16 වැනිදා කියලා රවී සෙනවිරත්න මහත්මයා කියනවා. රජයේ නිලධාරීන් විදේශගතවන විට තමන්ගේ වැඩ ආවරණය කරන්න වෙනත් කෙනෙක් පත් කරන්න ඕන. ඒ අනුව සී.අයි.ඩි භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාව වැඩ ආවරණය කරන්න පත් කරනවා. එහෙම කළා නම් සතියක් මේ ලිපිය නාගහමුල්ල මහතාගේ අතට නොගොස් රවී සෙනවිරත්න මහත්මයාගෙ මේසය උඩ තිබුණෙ කියන ප්‍රශ්නය මතු වෙනවා.

මේ ප්‍රශ්නය මේ විදිහටම විමර්ශන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරනවා. ඒ අයගේ පිළිතුර වෙන්නේ රහස්‍ය යැයි කියන ලියුම් කාටවත් යවන්න එපා, මම කඩනකම් මේසේ උඩ තියලා තියන්න කියලා රවී සෙනවිතරන් මහත්මයා උපදෙසක් ලබා දුන්නා කියලා.

එන ලියුම් බලන්න බැරිනම් වැඩ ආවරණය කරන නිලධාරියාට රාජකාරිය කරන්න බෑ. රහස්‍යයයි කියලා එන ලියුම් එන්නේ අතිශය සංවේදි ක්ෂණිකව පියවර ගත යුතු වාර්තා. එතකොට මේ රවී සෙනවිතරත්න මහතාගේ නිති විරෝධී උපදෙස නිසා මේ ලියුම මේසෙ උඩ තියනව. සහරාන්ලා අරහෙ බෝම්බ හදනකොට සහරාන්ලා වීඩියෝ පටය පටිගත කරනකොට බෝම්බ ටික කොළඹට ප්‍රවාහනය කරනකොට සහරාන්ලගේ සියලුම විස්තර ඇතුළත් ලිපියක් රවී සෙනවිතරත්න මහත්තයගෙ මේසෙ උඩ අනේ මාව බලාපියෝ කියලා විලාප නගමින් මේසෙ උඩට වෙලා තියනවා.

රවී සෙනවිතරත්න මහත්මයා 16 වැනිදා මේ ලිපිය බලලා මැයි 01 වැනිදා වෙනවිට විමර්ශනයක් කර ප්‍රගතිය වාර්තා කරන්න කියලා සටහනක් දමනවා. නමුත් සීඅයිඩි භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ලට විමර්ශනය කරන්න භාර දෙන්නේ 19 වැනිදා. යන පිලි ලේඛණයට ඇතුළත් වෙලා තියෙන්නේ 19 වැනිදා. නමුත් අප්‍රේල් 21 බෝම්බය පුපුරුවා ගන්නා තුරුම අබිරහස් ලෙස මේ ලියුම නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ලගෙ අතට යන්නේ නෑ. ඒ කියන්නෙ මේ ලිපිය යන්නේ බෝම්බය පුපුරුවා ගැනීමෙන් පසු දින. ඒ කියන්නෙ අප්‍රේල් මාසේ 22 දා.

කොහොම උනත් ඉතා ක්ෂනිකව පියවර ගත යුතු ලිපියක් දින 12ක් තිස්සේ රවී සෙනවිරත්න භාරයේ පවතිනවා.

19 සිකුරාදා දවසක්. 20 වැනි සෙනසුරාදා කියන්නේ සාමාන්‍යයෙන් සීඅයිඩිය ට නිවාඩු දවසක්. 21 කියන්නේ පාස්කු ඉරිදා. ඉතින් බොහෝ විට මේ ලිපිය බෝම්බය පත්තුවෙන තුරුම රවී සෙනවිරත්න මහත්මයාගේ මේසය උඩ තිබිලා බෝම්බෙන් පස්සේ මෙවැනි ලිපියක් එව්වාය කියලා බුද්ධි අංශවලින් කියද්දි 22 වැනිදා උදේ පාන්දර ඇවිත් මේක බලලා 16 වැනිදාට සටහනක් දාලා, සිකුරාදා යවන්න යොමු කළාය කියලා දැම්මාය කියලා ඇතිවන සාධාරණ සැකය ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුලුවන්.

තමන්ගේ මේසෙ උඩ තිබුණ සතියක් පුරා කල්පසු වුන රහස්‍යයි කියලා ගහපු ලිපියක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාමාන්‍ය පටිපාටියෙ යවනවා වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවලා මේක අතිශයින්ම සංවේදී කාරණයක්. ත්‍රස්වාදීන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් වහාම පියවර ගන්න කියලා ලියුම අතින් බාරදීලා තිබුණා.

රවී සෙනවිරත්න ලිපිය කියවන්නේවත් නැතිව මේ සටහන දාලා තියන බවත් ලියුම හරියට කියෙව්වානම් රවී සෙනවිතරන්ට සහාරන් කවරෙක්දැයි සිහියට එන බවත් ත්‍රස්ථ විමර්ශන අංශය ඔවුන් පිළිබඳ පරීක්ෂණ කරන්නේ 2014 සිට බවත් ගම්මන්පිල පැවසුවේය. බුද්ධි වාර්තා 13ක් ජනවාරි සිට අප්‍රේල් දක්වා සහරාන්ලා පිළිබඳව ලැබී ඇති බවත් මේ විමර්ශන සිදුකරන සියලුම අංශ පැවතුනේ රවී සෙනවිතරත්න යටතේ පවත් ගම්මන්පිල කීවේය. ඔහු කියන්නේ ලංකාවේ සහරාන්ලා ගැන හොඳින්ම දන්නා එකම පුද්ගලයා රවී සෙනවිතරන් බවය. අනෙක් කිසිවෙකුට මේ ගැන නොවැටහුනත් රවී සෙනවිතරත්නට මේ පිරිස ගැන අවබෝධයක් තිබුණු බවත්, අඩුම තරමින් 18 දා උදේ සෝදිසි රැකවල් යෙදීමට රවි සෙනවිරත්න කටයුතු කළා නම් පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සියලුම දෙනා අද ජීවතුන් අතර බවත් ගම්මන්පිල අවධාරණය කළේය.”

හොරාගෙ අම්මගෙන් නෙමෙයි හොරාගෙන්ම පේන අහනවා වගේ

“මේ පුද්ගලයා දැන් පොලිසියෙ ලොකුම ලොකු පුටුවේ වාඩිවී වෙලා ඉන්නවා, මෙයාගේ අධීක්ෂණය යටතේ අලුතින් කරනවා යැයි කියන පරික්ෂණය කළහොත් පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු වෙයි ද?. මොහු ගේ මේසය මත අර සංවේදී ලිපිය දවස් 12ක් රස්තියාදු වෙවි නොතිබුණා නම් පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 269ම ජිවතුන් අතර . පාස්කු ප්‍රහාරයක් ගැන අපට කථා කරන්නවත් ලැබෙන්නේ නෑ.

ඒ.එන්.ජේ.ඒ ද අල්විස් කමිටු වාර්තාවෙ 41 වැනි පිටුවෙ කියනවා සාපරාධි නොසැලකිල්ල මත රවි සෙනවිතරන් මහතාට අපරාධ නඩු පවර දඬුවම් කළ යුතුයි කියලා. එහෙමනම් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙක් බවට පත් විය යුතු රවී සෙනවිතරත්න මහත්මයා තමයි පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විමර්ශනය කරන ලොකුම ලොකු පුටුවේ දැන් වාඩි වෙලා ඉන්නේ.

මෙයාගේ අධීක්ෂණය යටතේ පාස්කු විමර්ශනය කලොත් පාස්කු වින්දිතයිනට සාධාරණය ඉටු වෙයි ද?. ඒ වගේම තමන්ට විරුද්ධව විමර්ශනයක් කර තමන් අත් අඩංගුවට ගන්නට යන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා එම නඩුවත් පොලිස් විමර්ශනයක් සිදුකරමින් පවතිද්දි පොලිසිය භාර ප්‍රධාන නිලධාරියා බවට එතුමා පත් වෙනවා. දැන් ඒ පොලිස් නිලධාරින්ට ස්වාධීනව කටයුතු කරන්න පුලුවන් ද?

මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වෙනුවට හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්.

ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිම් පැහැර හැරීම සම්බන්ධව එම දෙපාරත්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරටත් අපරාධමය නඩු පැවරිය යුතුයි කියලා කමිටු වාර්තාවේ නිර්දේශ කරලා තියනවා. අපරාධමය නඩු පැවරීම හෝ විනය ක්‍රියාමර්ග ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් 17 දෙනෙකුගේ නම් මෙම වාර්තාවෙ සඳහන් වෙනවා.

 මේ වාර්තාව සැඟවූ  කාදිනල් තුමත් කතෝලික ප්‍රජාවට වග කිව යුතුයි.. 

ජනාධිපති තුමත් ආණ්ඩුවත් මෙම වාර්තා යටපත් කරන්න උත්සාහ කරන්නේ ඔහුගේ නොහැකියාව ප්‍රදර්ශනය වීම යටපත් කරන්න. ජනාධිපතිවරයෙක් සතු විය යුතු ඉහළම කුසලතාවය ඒ ඒ තනතුරට වඩාත්ම ගැලපෙන පුද්ගලයා හඳුනා ගැනීම. ඔහුට ඒ කුසලතාවය නෑ. ජනාධිපතිවරයා තමන්ගේ පළමු දවසේ කළ පත්වීම් තුනෙන් දෙකක්ම නුසුදුස්සන් බව ඔප්පු වුනා..

මේ අතර ගම්මන්පිල කීවේ කාදිනල් තුමාත් වාර්තා කතෝලික ප්‍රජාවෙන් සඟවා තැබීමෙන් වරදක් කර ඇති බවත් තමන් අකමැති වෙන දේ ප්‍රකාශයට පත්වන විට කාදිනල් තුමාටවත් විරුද්ධ විය නොහැකි යැයි නීතිඥ වරයෙක්ලෙස තමන් ප්‍රකාශකරන බවත් ඔහු පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මූලික විමර්ශන තොරතුරු අනුව හලාවත කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ සිදුවූ දේ මෙන්න… බිරිය මරා උඩු මහලේ දමා දියණිය පන්තියෙන් රැගෙන විත් ඝාතනය කරලා… පසුව ව්‍යාපාරිකයාත් සිය දිවි නසාගෙන…

Next Post

හලාවත සිංහපුර ඛේදවාචකය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවන කතාව – මවගේත් දියණියගේත් ගෙල කපා ඝාතනය කරලා… සිරුරුවලට ගිනි තියලා තියෙන්නෙ පහුවෙනිදා… පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.